උතුරු මුහුද රළු වී මුහුදු ගමන් නවතී - නාගදීප ගමනුත් නවතියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 17, 2018

උතුරු මුහුද රළු වී මුහුදු ගමන් නවතී - නාගදීප ගමනුත් නවතියි

උතුරු මුහුදේ පවතින අයහපත් කාලගුණයත් සමඟ දූපත්හි මුහුදු ගමන් සම්පූර්ණයෙන්ම අද (17දා) උදෑසන වන විට නැවතී ඇති අතර නාගදීප වන්දනාවන් වෙනුවෙන් සිදු  කෙරෙන මුහුදු ගමන් වාර නවතා ඇති අතරම
පේදුරුතුඩුව ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළී විනාශ වී ඇති බවට යාපනයේ ධීවරයෝ කියා සිටිති. යාපනය මුහුද ඊයේ සිට දැඩි ලෙස රළු වී ඇති අතර යාපනයේ සිට ඩෙල්ෆ් දූපතට දෛනිකව සිදු කෙරන මගී නෞකාවන්හි ගමන්  කටයුතු ඊයේ සිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

එහිදී ඩෙල්ෆ් දූපතට ගිය සංචාරකයන්ටද නැවත පැමිණීමට නෙහැකිව සිටින බවට වාර්තා වෙයි. එමෙන්ම ඊයේ (16දා) උදෑසන සිට යාපනය නාගදීප විහාරය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් නාගදීප විහාරයට රැගෙන යන මගී නෞකාවල ගමන් කටයුතු නවතා ඇත්තේ නාගදීප මුහුදු තීරයේද මුහුද දැඩි ලෙස රවී ඇති හෙයිනි. මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේදී මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී ඇති අතර කිසිවකුටත් හානියක් සිදුවී නොමැත්තේ අසල සිටි ධිවරයන් බේරාගැනීම හේතුවෙන් වන අතර පෙරළුණු බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැතුණු අයහපත් කාලගුණයත් සමඟ ධීවරයන් රැසක්ද මුහුදු යාමෙන් වැළකී සිටින අතර ධීවර යාත්‍රාද ආරක්ෂාකාරීව ගාල් කොට ඇති අතර සුළි සුළං තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂාකාරී වන ලෙසට ආපදා කළමනොකරණ නිලධාරින් විසින් උතුරේ වැසියන් දැනුවත් කොට ඇත.

-ශෂි කුමාර්-

No comments:

Post a Comment

Post Bottom Ad