ඉවත් කළ සේනානායක ඵලකය මෛත්‍රී නැවත පිහිටුවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 11, 2018

ඉවත් කළ සේනානායක ඵලකය මෛත්‍රී නැවත පිහිටුවලා

ඉරණමඩුව වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී ඉවත් කොට තිබු හිටපු අග්‍රාමාත්‍ය ඩි.එස්.සේනානායක මහතා හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන් ඵලකයක් නැවත ජනපති
නියෝග යටතේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ උපදෙස් ඉරණමඩු ජලාශයේ පිවිසෙන මාර්ගය අසළ ස්ථාපිත කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසීය.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු
සේනානායක මහත්වරුනගේ නම් සදහන්ව පැවති නාම පුවරුව ඊයේ(10) සවස් වන තෙක් ඉවත් කොට තිබු බවට මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුව පැරණි ඵලකය කඩිනමින් නැවත ඊයේ රාත්‍රියේදීම ස්ථාපිත කොට ඇති බවයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සදහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට තිබු බවයි.

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය ප්‍රතිසංස්කරණය කොට පසුගියදා නැවත විවෘත කිරීමේ වැඩසටහනට අදාළව අදාළ නාම පුවරුව ඉවත් කොට තිබු බවද ප්‍රදේශවාසීන් පැවසීය.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 ව‍ස‍රේ ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව අදාළ නාම පුවරුව ඉදිකොට ‍තිබු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිළධාරීන් විමසීමේදි අදාළ නිළධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කොට තිබු අතර, නාම පුවරුව නැවත සකස් කොට ඊයේ(10) රාත්‍රියේදීම නැවත ස්ථාපිත කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad