TNA සහය ගැනීමට උතුරේ හමුදාව යටතේ ඇති ඉඩම් ජනපති නියෝගයෙන් නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

TNA සහය ගැනීමට උතුරේ හමුදාව යටතේ ඇති ඉඩම් ජනපති නියෝගයෙන් නිදහස්


උතුරේ ජනතාවට අයත් ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම් සියයට අනූවක් පමණ මේ වන විට නිදහස් කර අවසන්ව පවතින අතර, උතුරේ පන්සල්, පල්ලි සහ කෝවිල්වලට අයත් සියලූ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස තමා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බව  ජනාධිපති සිරිසේන ඊයේ (05) සඳහන් කර ඇත.

දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (06) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයට අනුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.
පසුගිය වසර තුන හමාර තුළ ජනාධිපතිවරයා ලෙස උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව ඉතා වගකීමෙන් කටයුතු කළ අතර අගමැතිවරයා වෙනස් කිරීමට ද තමා තීරණය කළේ රටේ ප‍්‍රශ්න මෙන්ම උතුරේ ජනතාවගේ  ද ජන ජීවිතය පිළිබඳ  ප‍්‍රශ්නවලට  නිසි විසඳුම්  නොලැබීම නිසා බව ජනාධිපතිතුමා එහිදී පැවසූ බවද එම නිවේදනයේ දැක්වේ.  

එසේම උතුරේ සිරකරුවන්ගේ ගැටලූව විසඳීම පිළිබඳ යම් සහනදායී වැඩපිළිවෙළකට ළඟදීම  එළැඹෙන බව ඒ සඳහා ගතයුතු තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, විපක්ෂනායක ආර්, සම්බන්ධන් මහතා ඇතුළු  ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද ඊට සහභාගී කරවා ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයා පැවසූ බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව ඇත.
තවද මෙම වැඩපිළිවෙළ පිළිබඳ  තමා නව අග‍්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා  කළ බවද එහිදී  ජනාධිපති කියා සිටි බවත් උතුරේ ජනතාවගේ ගැටලූ විසදීම පිළිබඳ තමා තුළ තිබූ දැඩි දේශපාලන ස්ථාවරය හෙට දවසේ ද එළෙසම පවතින බවත් ජනාධිපතිවරයා පැවසු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු  ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ පිළිබඳ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
 dipawali
36,647 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad