මිනී මැරෙයි.. ලේ හෙල්ලෙයි.. අපට මේවා පුරුදුයි.. අපි චණ්ඩි..- චම්පික වියරුවෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 3, 2018

මිනී මැරෙයි.. ලේ හෙල්ලෙයි.. අපට මේවා පුරුදුයි.. අපි චණ්ඩි..- චම්පික වියරුවෙන්..


‘මිනී මැරුම් වෙයි… ලේ හෙල්ලෙයි… අපට මේවා පුරුදුයි… අපි චණ්ඩි…’ යැයි කියමින් එ.ජා.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සිකුරාදා (2දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකවරයා ඉදිරියේ ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ට තර්ජනය කරමින් ඉතා අශ්ලීල ආකාරයෙන් හැසිරී තිබේ.
මරණ වෙන්නේ සහ ලේ හලා ගන්නේ කුමක් සඳහාදැයි මේ අවස්ථාවේදී රණවක මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කර ඇති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා චණ්ඩි මෙන් නොහැසිරෙන ලෙස රණවක මහතාට දැඩිව පවසා ඇත.
චම්පික රණවක මන්ත්‍රිවරයා මෙසේ තර්ජනාත්මකව අදහස් දක්වා ඇත්තේ නොවැම්බර් 5 වැනිදා හෝ 7 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම කැඳවිය යුතු බව කියමිනි.
පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බවත් ඉන් පරිබාහිරව ක්‍රියාකිරීමට කිසිසේත්ම නොහැකි බවත් මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා දැඩිව අවධාරණය කර ඇත.
යම් හෙයකින් ව්‍යවස්ථාවේ නැති බලයක් රැගෙන ක්‍රියා කරන්නට ගියහොත් කථානායකවරයාට එහි නරක ඵලවිපාක අත්විඳින්නට සිදුවන බවද කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් එම රැස්වීමෙන් නැඟිට ගොස් තිබේ.
11,536 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad