පාර්ලිමේන්තුවේ තෙවැනි දිනටත් ආණ්ඩු පක්ෂය නෑ - ඇමති අරමුදල් කපා හැරීම අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 30, 2018

පාර්ලිමේන්තුවේ තෙවැනි දිනටත් ආණ්ඩු පක්ෂය නෑ - ඇමති අරමුදල් කපා හැරීම අද


අද (30) දින පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත. නව සැසිවාරය වෙනුවෙන් පසුගිය 14 වනදා සිට ඇරඹු පාර්ලිමේන්තුවේ කතානායකවරයා අසාධාරණ ලෙස හැසිරෙන බව
දක්වා ඔවුන් පාර්ලිමේන්තු

කටයුතු දින කිහිපයක් අවුල් කර පසුව පාර්ලිමේන්තුවට නොඒමට තීරණය කරන ලදි.
අධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුව නීති විරෝධී රැස්වීමක් බව දැන් ඔවුන් පවසන අදහසයි.

අද රැස්වූ පාර්ලිමේන්තුවේදී  ඇමති අරමුදල් කපා හැරීම සම්බන්ධ යෝජනාවක් සම්මත කිරීමට විපක්ෂය කටයුතු කර ඇත.විශ්වාසභංගය ප්‍රකාරව අගමැති ප්‍රමුඛ ඇමතිවරුන්ගේ බලය අහෝසිවී ඇති නිසා
ජනරජයේ අරමුල් වලින් සියලු ඇමතිවරුන්ට නියොජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ට අයත් ලේකම්වරුන්ට මුදල් පරිහරණය තහනම් කරන ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයාය.

No comments:

Post a Comment

Post Bottom Ad