ආණ්ඩුවට මන්ත්‍රීවරු එක්කරගන්න සතයක්වත් වියදම් කර නෑ - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 4, 2018

ආණ්ඩුවට මන්ත්‍රීවරු එක්කරගන්න සතයක්වත් වියදම් කර නෑ - දයාසිරි



 තමන් රජයට එකතුකරගැනීමට අල්ලස් ලෙස විශාල මුදලක් ලබා දෙන්නට සූදානම් වූ බවට රංගෙ බන්ඩාර මන්ත්‍රීවරයා හඬ පට 10 ක් සමග ප්‍රවෘත්ති සාකච්චාවක් පැවැත්වූ අතර එහිදී කියා සිටියේ මෙම කටයුතු බැසිල්
රාජපක්ෂ හිටපු ඇමතිවරයා යටතේ

පදනම් ආයතනයේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් මෙහෙයවන බවයි.
මෙයට අදාළ හඩ පටි අතුරින් එකක් ලෙස එස්බී දිසානායක රංගෙ අමතා කළ දුරකථන සාකච්ඡාවක් ප්‍රචාරය ළුූ අතර අනෙක්වා ඉදිරියේදී ප්‍රසිද්ධ වනු ඇත.
අමාත්‍ය දයාසිරි ජයසේකර ගුවන් විදුලි නාලිකාවක් අමතා මෙම සිද්ධිය ගැන අද උදෑසන ප්‍රතිචාර දක්වා තිබේ.
ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දෙන බවට කරන ප‍්‍රකාශ පදනම් විරහිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබේ.
 මුදල් දී දී මන්ත්‍රීවරුන් ලබා ගැනීමට ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් එස්බී සමග කතා කළ හඩ පටයේ එවැන්නක් නැති බවත් එහු කියයි.
 කෙසේවෙතත් එජාපයෙන් පැමිණෙන මන්ත්‍රිවරු නවතා ගැනීමට විශාල වශයෙන් මුදල් වියදම් කරන බව තමා දන්නා බව ඔහු ඒ සමග කියා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad