බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 20, 2018

බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා ‘බ්ලූ’ බලලා


බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය විසින් ඊයේ (19) දා නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත‍්‍රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබූ බව
දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

නව සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක්‌ ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්‍ර සවිකර තිබී ඇති අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක්‌ ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබේ. එහෙත්

ඇතැම් මන්ත්‍රීවරුන් (ආණ්‌ඩු පක්‍ෂයේ) එම පරිගණක ක්‍රියාත්මක කර අසභ්‍යෙ දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්‍යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්‍රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්‍රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්‌නට ලැබිණැයි එම පුවත්පත වාර්තා කරයි.

මහ ඇමැතිවරයා ඉදිරිපත් කළ 2019 වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශයේ ඇස්‌තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 81,261 ක්‌ වන අතර එය මේ වසරට (2018) වඩා රුපියල් මිලියන 9635 ක වැඩිවීමකි. ඇස්‌තමේන්තුගත වියදමින් රුපියල් මිලියන 8,465 ක්‌ පුනරාවර්තන වියදම් වන අතර රුපියල් මිලියන 1170 ක්‌ ප්‍රාග්ධන වියදම් වේ.

මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යෑයි අපේක්‍ෂිත ජාතිය ගොඩනැඟීමේ බදු සහ මුද්දර ගාස්‌තු රුපියල් මිලියන 30,624 කි. රජයේ ප්‍රදාන ලෙස පළාත් සභාව රුපියල් මිලියන 22,217 ක්‌ බලාපොරොත්තු වෙයි.

පළාත් සභාව රැස්‌ කිරීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් මිලියන 26,180 ක්‌ වන අතර පෙර ඉතුරු මුදල් රුපියල් මිලියන 2260 ක්‌ ආයෝජනය කිරීමට අපේක්‍ෂා කර ඇත.

බස්‌නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ මහල් පහළොවකින් යුත් ගොඩනැඟිල්ලේ 12 වැනි මහලේ පිහිටි සභා ශාලාවේදී රැස්‌විය.

සභාපතිවරයාගේ නිවේදන, ලිපි ලේඛන පිළිගැන්වීම, පෙත්සම්, ප්‍රශ්න, අතුරු ප්‍රශ්න ඇසීම ඇතුළු න්‍යාය පත්‍රයේ මුල් කොටසේ කටයුතු අවසන් වීමෙන් පසු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් 2019 වර්ෂයට අදාළ මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

නව ගොඩනැඟිල්ලේ මන්ත්‍රී ආසන සඳහා පැරැණි සභාවේ මන්ත්‍රී ආසන ස්‌ථාපිත කර තිබූ අතර රජයේ නිලධාරීන් සහ අමුත්තන් සඳහා වැඩිපුර ප්ලාස්‌ටික්‌ පුටු මහජන ගැලරියේ දක්‌නට ලැබිණි.

මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කරනු ලැබුවේ දිගුකාලීන දැක්‌මක්‌ ඇතිව බවත්, නවීන තාක්‍ෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් පිරි මෙවැනි ගොඩනැඟිල්ලක්‌ අග නගරයේ පමණක්‌ නොව මුළු දිවයිනේම නොමැති බවත් මහ ඇමැතිවරයා පැවසීය.

වාර්තාව - චමින්ද සිල්වා
ඡායාරූප - රංජිත් විමලසිරි

No comments:

Post a Comment

Post Bottom Ad