අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ
රතන හිමියන් ද පැමිණි බව

වාර්තාවේ.ෙ
නව රජයට සහයෝගය දැක්වීමට තමා තීරණය කළ හේතුව සම්බන්ධයෙන් එහිදී රතන හිමියන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා පසු කලෙක ස්වාධීන වූ රතන හිමියන් මහින්ද රාජපක්ෂ රජය පෙරළාදැමීමට 2014 මුලින්ම මෛත්‍රී රාජිත සමග එම රජයෙන් ඉවත්වූ අයෙකි.
මේ දිනවල සිදුවන බල පෙරළියේදී රනිල් වෙනුවට මෛත්‍රී මහින්ද පිල තෝරාගත් රතන හිමි ඇමතිකමක් නොගෙන සිටින අතර පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකදී මහින්දට සහය දෙන බව පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad