කටුනායක ගුවන් තොට වරින් වර කළුවරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 8, 2018

කටුනායක ගුවන් තොට වරින් වර කළුවරේ


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඊයේ (07දා) පෙරවරුවේ තුන් වතාවක් සිදුවූ හදිසි
විදුලිය විසන්ධිවීම නිසා

එහි ආගමන විගමන පර්යන්තයේ කටයුතු වලට විශාල බාධාවක්  ඇති වූ බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙක් පැවසීය. ඊයේ (07දා) පෙරවරු 7.00ට පමණ එහි විදුලිබිඳ වැටීම සිදුවී ඇති අතර යළි විටින් විට අවස්ථා තුනකදී එහි විදුලිය විසන්ධි වීමෙන් ආගමන විගමන කටයුතු ඊයේ දහවල් 12.00 පමණ වන තුරු ඇන හිට තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.

එහෙත් මේ විඳුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එම විදුලිය විසන්ධි වීමෙන් ගුවන්තොටුපළ ඇතුළුවීමේ හා පිටවීමේ පර්යන්තහි දෛනික කටයුතු වලට බාධා එල්ල වී තිබූ බවද ප්‍රකාශවේ. ඉන් ගුවන් තොටුපළ ආගමන විගමන අංශය පරිගණක පද්ධතියද බිඳ වැටී තිබූ බව පැවසේ.


-ආරියපාල විදාගම

No comments:

Post a Comment

Post Bottom Ad