ඉතිහාසයේ පළමු වරට ඩොලරය රු. 180 ඉක්මවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 23, 2018

ඉතිහාසයේ පළමු වරට ඩොලරය රු. 180 ඉක්මවයි


මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180 සීමාව අද (23) දිනයේ දී ඉක්මවා ගියා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික
විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 176.7204 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 180.6606 ක් ලෙසයි.

 මේ අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක මිල රුපියල් 233 ක් ඉක්මවා යමින්ද යුරෝවක් 207 ක් ඉක්මවා යමින්ද රුපියල ඉතිහාසයේ දරුණුම කඩාවැටීමකට ලක්ව ඇත.

මේ අතර පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට ඇති වූ දේශපාලන බල පෙරළියෙන් පසු රුපියල් බිලියන 30 ක් ඉක්මවූ විදෙස් ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් හා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවතට ඇදී ගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad