වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - මන්ත්‍රී බහුතරය කතානායකගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - මන්ත්‍රී බහුතරය කතානායකගෙන් ඉල්ලයි


රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් කතානායකවරයා වෙතින් ලිඛිතව ඉල්ලා ඇති බව  කතානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ, සහ ද්‍රවිඩ සන්ධානය මේ වන විටත්  වෙනම ලිපි ලබාදෙමින් කතානායකවරයා දැනුවත් කර ඇත.
 
එසේම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ඉල්ලිම ලිඛිත අද උදෑසන ලබා දීමට නියමිත බව වාර්තා වේ. 
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 128ක්  පාර්ලිමේන්තුව වහාම කැඳවන යෝජනාවට පක්ෂව සිටින අතර,  පාර්ලිමේන්තුව කල්දමා තිබීමට පක්ෂව සිටින්නේ කතානායකවරයා හැර මන්ත්‍රීවරුන් 96ක් පමණි. 
 
පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව මෛත්‍රී - මහින්ද පාර්ශවය සතුව සිටින්නේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 95ක් පමණි.
 
පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලමින් විපක්ෂ නායකවරයා යැවූ ලිපිය.....
 
letter to spaker

29,785 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad