රුසියන් සේවිකාවන් සමග 'එරෝ ෆ්ලොට්' යළි අද සිට ලංකාවට ගුවන් ගමන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

රුසියන් සේවිකාවන් සමග 'එරෝ ෆ්ලොට්' යළි අද සිට ලංකාවට ගුවන් ගමන්


වසර 06කට පසු රුසියාවේ එරෝ ෆ්ලොට් ගුවන්යානා සමාගමේ ගුවන් යානා අද (29දා)  සිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව මෝල්ඩිවියන් අවේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය
ධර්මදාස් වික්‍රමගේ මහතා සඳහන් කරයි.

1964දී පළමු වරට ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කළ එරෝ ෆ්ලොට් ගුවන් යානා සමාගම වසර 2012දී මෙරටට ගුවන් ගමන් පැමිණීම අත්හිටුවන ලදී. ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින සබඳතා තවදුරටත් වැඩි කිරීම සඳහා සහ දෙරටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මදිවියානා අබියෂන් පෞද්ගලික සමාගම කරන ලද සාකච්ඡාවලින් අනතුරුව යළි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කිර්මට කටයුතු කර ඇත.

 අද (29දා) සිට ගුවන් ගමන් ආරම්භ කරන එරෝ ෆ්ලොට් ගුචන් යානා සතියකට පස් වතාවක් ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වාර සිදුකරන බව වික්‍රමගේ මහතා සඳහන් කළේය. ලෝකය පුරා විහිදුණු දැවැන්ත ගුවන්යානා ජාලයක් ලෙසද යුරෝපයේ ඇති නවීනතම ගුවන්යානා සමාග්ගම ලෙසද මෙම සමාගම ප්‍රසිද්ධ බව වික්‍රමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


-ටී.එම්.ඉරේෂා-




No comments:

Post a Comment

Post Bottom Ad