හිරේ අය මට කරදර කරනවා - ජොනී මානව හිමිකම් කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 15, 2018

හිරේ අය මට කරදර කරනවා - ජොනී මානව හිමිකම් කොමිසමට

පාර්ලිමේන්තු රැස්වීම් නිමා වී පසුගිය සිකුරාදා (12දා) කෑගල්ල බන්ධනාගාරය දක්වා රැගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හිරහැර වන අන්දමින් කටයුතු කර ඇඳ සිටි ඇඳුම් පැලඳුම් පවා දැඩි පරීක්ෂාවකට ලක් කළ
කොළඹින් ගිය විශේෂ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමේ කියන කලාපයට එරෙහිව මන්ත්‍රිවරයා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැයක පමණ කාලයක් එළියේ රඳවා තබා මෙසේ පරික්ෂාවට ලක් කර ඇති අතර මන්ත්‍රිවරයා රඳවා ඇති සිරමැදිරියේ සිටින අනෙකුත් රැඳවියන් සියලු දෙනාවද දැඩි පරික්ෂාවකට ලක් කර තිබේ. යන්තම්පලාව ලක් සතොස ශාඛාවෙන් රුපියල් ලක්ෂ 38ක් වටිනා භාණ්ඩ ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියමින් පවරා ඇති නඩුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ බන්ධනාගාරගත

කර සිටින අනෙකුත් සැකකරුවන් දෙදෙනා වන ලක් සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු හා ෂාකීර් මොහොමඩ් යන අයගේද ඇඳ සිටි ඇඳුම් හා තිදෙනාගේම බඩුබාහිරාදියද එම නිලධාරීන් කණ්ඩායම විසින් දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.

ඊට අමතරව ඔවුන් රඳවා සිටින සිරීමැදිරීයේ අනෙකුත් රැඳවියන් අමතා ඇති එම නිලධාරීන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට උදවු උපකාර කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇතැයිද වාර්තා වේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ලැබුණු විශේෂ නියෝගයක් මත ඉහත නිලධාරී කණ්ඩායම කෑගල්ල බන්ධනාගාරයට යවා තිබූ බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහගෙන් විමසීමේදී කියා සිටියේ මේ දිනවලදී සියලුම බන්ධනාගාර පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් පසුගිය දින කිහිපයේදීද වැලිකඩ, මහර, කළුතර, මීගමුව ඇතුළු බන්ධනාගාර දහයක් පමණ බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් හදිසි සෝදිසියකට ලක්කර ජංගම දුරකථන එකසිය පනහක් පමණ අත්අඩංගුවට ගත් බවත්ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවා සිටින කෑගල්ල බන්ධනාගාරයේ සිරකුටිය පසුගිය දිනක පරික්ෂාවට ලක් කළේද එම වැඩපිළිවෙළෙහි එක් පියවරක් වශයෙන් බවත් එසේ නොමැතිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා හෝ වෙනත් කිසිවකු ඉලක්ක කරගෙන එකී සෝදිසි කිරීම සිදු නොකළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

-කුමුදු උපුල් ශාන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad