කොළඹ වරාය ජැටිය ඉන්දියාවට දෙන්න ගිය අගමැතිගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කුඩයට දැම්මේ ඇයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

කොළඹ වරාය ජැටිය ඉන්දියාවට දෙන්න ගිය අගමැතිගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කුඩයට දැම්මේ ඇයි ?


හම්බන්තොට වරාය බදු දුන්නත් අත් වූ සෙතක් නොමැති බවත් මේ විදියට වරායවල් බදු දෙන්න ගියොත් නැවක් නතර කරන්නවත් තැනක් ශ්‍රී ලංකාවට නැති වන බවත් ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බව අවධාරණය කොට ඇත.
ඔහු එසේ සඳහන් කොට ඇත්තේ කොළඹ වරාය පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට ලබා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
තමන් ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේදී ඒ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
තමන් නුදුරු දිනකදී සිදු කිරීමට නියමිත ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක්ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට ඇති බව කියැවේ.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැනද අදහස් පළවී ඇත. ඉන්දියාවේ කේරළයෙන් පැමිණි බව කියන පුද්ගලයා මානසික රෝගියකු නොවන බවත් ඔහු ඉන්දියාවේ ‘රෝ’ ඔත්තුකරුවකු බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.
රජයේ ආයෝජන සම්බන්ධවද මෙහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇත. ‘කුරුණෑගලින් අක්කර 400ක් කර්මාන්ත ශාලාවකට කියමින් ගත්තද කරපු දෙයක් නොමැති බවත් හොරණ ආයෝජන කලාපයකට රබර් වගා බිමක් ගත්තත් ඒ සියල්ලෙන් සිදු කළේ ගස් කැපීම පමණක්’ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
14,688 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad