සනත් ජයසූරියට දූෂණ චෝදනා - අයිසීසී ය සති දෙකක් කල් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 16, 2018

සනත් ජයසූරියට දූෂණ චෝදනා - අයිසීසී ය සති දෙකක් කල් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අයිසීසී දූෂණ විමර්ශන කමිටුව මගින් සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු කර තිබේ. ජයසූරිය අයිසීසී නීති සංග්‍රහය උල්ලංඝනය කරන ලද වගන්ති දෙක
පිලිබඳ ඔහුව දැනුවත් කර ත්ිබෙන අතර මේ සඳහා නිදහසට කරුනු ඉදිරිපත් කරන ලෙස සති දෙකක කාලයක් ලබාදී ඇත. ඒ අනුව 2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක් තුළ ඔහු නිවැරදිකරුනම් ඒ ගැන පැහිදිලි කිරීමට අවස්තාව සලසා ඇත. එසේ නොවුණොත් ඔහුට විශාල වන්දි මුදලක් ගෙවීමටත්

ක්‍රිකට් ක්ෂෙත්‍රයෙන් දිගු කලකට ඉවත්වීමටත් සිදුවන්නට ඉඩ කඩ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරියෙකු වන ජයසූරිය අයිසීසීයේ වගන්ති නීති යටතේ පහත දැක්වෙන වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.

2.4.6 වගන්තිය - පරීක්ෂණයක් සඳහා ACU විසින් ඉල්ලා සිටින නිවැරදි හා සම්පූර්ණ තොරතුරු සහ / හෝ ලියකියවිලි සැපයීමට අසමත්වීම, ACU විසින් සිදු කරනු ලබන විමර්ශනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සාධාරණීකරණය කිරීමකින් තොරව හෝ ප්‍රතික්ෂේප කිරීම.

2.4.7 වගන්තිය පරීක්ෂණයකට අදාළ විය හැකි වෙනත් ලියකියවිලි හෝ වෙනත් තොරතුරු හෝ වෙනත් තොරතුරු හෝ සඟවා තැබීම හෝ අනවසරයෙන් ඇතුලුවීම හෝ ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම හෝ ACU විසින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හා ප්‍රමාද කිරීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මැච් ෆික්සිං හා පිච් ෆික්සිං චෝදනා රැසක් පසුගිය කාලයේ අනාවරණය වූ අතර ඒවා පසුපස සිටි චරිතය ලෙස සනත්ගේ නම ගෑවී ඇති බවට පසුගිය සතියේ අනාවරණයවී තිබුණි.
2018 ඔක්තෝබර් 15 වැනිදා සිට දින 14 ක කාලයකදී ජයසූරිය මේ වැරදි සම්බන්ධයෙන් හේතු දැක්විය යුතු අතර ICC මෙම අදියරේදී දඩ ගාස්තු සම්බන්ධයෙන් හෙළි නොකරනු ඇත.






No comments:

Post a Comment

Post Bottom Ad