මෝටර් රථ අංක තහඩු නිකුත් කිරීමේ දී ටෙන්ඩර් මගඩියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 8, 2018

මෝටර් රථ අංක තහඩු නිකුත් කිරීමේ දී ටෙන්ඩර් මගඩියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩු  සඳහා මෙවර ටෙන්ඩර් නිකුත් කිරීමේ දී  වංචාවක් සිදුව ඇති බව
ජනතා විමුක්ති පෙරමුණේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(07) වාරියපොළ නගරයේ  පැවති ජන හමුවක් අමතමිනි.

මෝටර් රථ සඳහා ප්‍රමිතිගත අංක තහඩු සකස් කිරීමේ දී එක් අංක තහඩුවක් රුපියල් 560 කට  ලබා දීමට එක් ආයතනයක් මිල ගණන් ප්‍රකාශ කර තිබිය දී රුපියල් 1200ක මිලට අංක තහඩු ලබාගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. අවම මිලකට අංක තහඩු ලබාගැනීමට හැකියාව තිබිය දී වැඩි මිලට අංක තහඩු ලබාගැනීම ටෙන්ඩර් පටිපාටියේ දී මුදල් වංචාවක් සිදුකිරීමක් බව මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad