ගිනි අඟුරු පෑගුණු ඉන්දි රාජා ඇතින්නකට පහර දීලා-පෙරහැර ජරමරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ගිනි අඟුරු පෑගුණු ඉන්දි රාජා ඇතින්නකට පහර දීලා-පෙරහැර ජරමරයක්

ගලේවෙල බම්බාව රජමහ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර පෙරේදා රාත්‍රියේ (08 දා) වීදි සංචාරය කරන අතරතුර කරඬුව රැගත් ඇතා හා තවත් ඇතුන් තිදෙනකු කුලප්පු වීමෙන් පසු කලබලයට පත් ජනතාව
දිවයාමේදී තුවාල ලබා හිමිනමක්‌ ඇතුළු දසදෙනෙකු ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්වයේ පසුවූ තිදෙනකු දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ.

ඇතුන්ගේ පහරදීමෙන් ලොරි රථයක්‌, වෑන් රථයක්‌ හා ත්‍රි රෝද රථ දෙකක්‌ද ඇතුළු යතුරුපැදි කීපයක්‌ද හානියට

පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුදා වනවිට තුවාල ලැබුවන්ගෙන් පස්‌ දෙනකු ප්‍රතිකාර ලබා නිවෙස්‌ වෙත ගොස්‌ තිබේ.

කරඬුව රැගත් ඇතා මුලින්ම තම ඇත්ගොව්වාට පහරදීමට උත්සාහ දරා තිබේ. එම අවස්‌ථවේ අධික ලෙස බීමත්ව සිටි ඇත්ගොව්වා ඇතාට හිංසා පීඩා කළ බවත් ඉන් දැඩි ලෙස කලබලයට පත් ඇතා ආපසු හැරී ඇත්ගොව්වාට පහරදීමට සැරසෙත්ම ගිනි පන්දම්කරුවකු බිම ඇදවැටී තිබේ. එම ගිනි පන්දමේ ගිනි අඟුරු පෑගීමෙන් ඇතා තවදුරටත් කලබලයට පත්ව පෙරහරේ සිටි ඇතින්නකට පහරදී තිබේ. පසුව ඇත්ගොව්වාට පහරදීමට සූදානම් වූ අවස්‌ථාවේ ඔහු තමා හැඳ සිටි සරම ගලවා ඉවතට විසිකර ඇතාගේ අවධානය වෙනතකට යොමුකර දිවගොස්‌ දිවි බේරා ගෙන ඇති අතර පසුව එම ඇත්ගොව්වා පැයකට අධික කාලයක්‌ වෙහෙස දරා ඇතා මෙල්ලකරගෙන තිබේ.

මෙසේ කලබලයට පත්වූයේ ඉන්දි රාජා නමින් හඳුන්වන දළදා මාලිගාවේ ඇතෙකි. මෙම ඇතා සමග තවත් අලි ඇතුන් 11 දෙනකු මෙදින රාත්‍රියේ පෙරහැරේ වීදිසංචාරයට සහභාගිවී ඇත.

මෙම ඇතාගේ සහ පෙරහැර නැරඹීමට පැමිණ සිටි ජනතාව කලබලයට පත්වීමත් සමග පෙරහැරේ සිටි තවත් ඇතුන් තිදෙනකු කලබලයට පත්ව ඇත.

ඇතිවූ මෙම තත්වයත් සමග නර්තන කණ්‌ඩායමේ සිටි කීපදෙනකුද සුළු තුවාල ලබා තිබේ. පදික වේදිකාවල අලෙවියට තබා තිබූ ආහාර හා විසිතුරු භාණ්‌ඩ සී සී කඩ විසිරී ගොස්‌ ඔවුනට පාඩු සිදුව තිබේ.

මෙම අවස්‌ථාවේ ආරක්‌ෂාවට යොදවා සිටි පොලිස්‌ නිලධාරීන් මහත් කැපවීමකින් පෙරහැර නැරඹීමට පැමිණ සිටි ජනතාව පාලනය කරමින් කටයුතු කිරීම ප්‍රශන්සනීය බව නාගරික වෙළෙන්දෝ කියා සිටියහ.

ගලේවෙල පොලිසිය පරීක්‌ෂණ සිදුකරයි.

- සරත් එරමිනිගම්මන-

No comments:

Post a Comment

Post Bottom Ad