නැදුන්ගමුවේ ඇත් රජු අසනීපෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 18, 2018

නැදුන්ගමුවේ ඇත් රජු අසනීපෙන්


නැදුන්ගමුවේ හස්තිරාජයාට හදිසියේ ඇතිවූ ශගාබාධයක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ වත්තක පහසුකම්
ලබාදී ප්‍රතිකාර කරන බව

ඇතාගේ හිමිකරු වූ වෛද්‍ය හර්ෂ අබේගුණවර්ධන මහතා පැවසීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති පෙරහරකට සහභාගි වීම සදහා මීට දින කිහිපයකට ඉහතදී ඇත් රාජයාව රැගෙන විත් තිබිණි.

ඇතා සාමාන්‍ය පරිදි මලපහ නොකරන අතර, ආහාර ගැනීම ද සාමාන්‍ය පරිදි සිදු නොකරන බැවින් කපුගොඩ ප්‍රදේශයේ හස්ති වෛද්‍යවරයකු වූ ගාමිණී කරුණානායක මහතා පැමිණ ප්‍රතිකාර කරන අයුරු දක්නට ලැබිණි. මෙම උදරාබාධය ජලයෙන් ඇති වන්නට ඇති බවට සැක කරයි. නැදුන්ගමුවේ ඇතාව දැක බලාගැනීම සදහා විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙන අයුරු දක්නට ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad