යුද හමුදා ට්‍රක් රථයකට යට වී පස් දරු පියෙකු එතැනම මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 15, 2018

යුද හමුදා ට්‍රක් රථයකට යට වී පස් දරු පියෙකු එතැනම මරුට

කිළිනොච්චියේ දී යුද හමුදා ට්‍රක් රථයක යතුරු පැදියක් ගැටීම නිසා අද සවස
යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මෙම අනතුර සිදු ව ඇත්තේ කිළිනොච්චිය ඉරණමඩු මාර්ගයේදීයි.
පොලීසිය හා ප්‍රදේශවාසීන් පැමිණ ට්‍රක් රථයට යටවී සිටි පුද්ගලයා එළියට ගෙන කිළිනොච්චිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත් ඔහු ඒවන විටත් මියගොස් සිට ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය, භාරතීපුරම් ගම්මානයේ පදිංචි 51 හැවිරිදි පස් දරු පියෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad