චිත්‍රකතා ශිල්පී සරත් මධු සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 18, 2018

චිත්‍රකතා ශිල්පී සරත් මධු සමුගනී

ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ අභාවප්‍රාප්ත වූයේය.
දෙදරු පියෙකු වූ ඒ මහතා මියයනවිට 69 වන වියේ පසුවිය

දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු
බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූවෙකි.පසුව මහරගම ,පරණ පාර, නාවින්න ,නාමල් උයන පිහිටි නිවසේ පදිංචිව සිටියේය.
 වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකු  වූ

ඔහු පසුව පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ අතර සිත්තර ,
සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවය කළේය.
70 දශකයේදී මුළු රටම ආදරයෙන් වැළඳගත් ‘‘ඉතිං ඊට පස්සේ‘‘ ඔහුගේ ජනප්‍රියතම චිත්‍රකතාවයි.
මීට අමතරව නිව්රෝ,ඉසංකා,ඉත්තෑවා,ඉටු දෙවියා සහ ලංකාදීප පුවත් පත සමඟ බෙදා දෙන සතුට
චිත්‍රකතා පත්‍රයේ සිහිනයක මල් පිපිලා යන චිත්‍ර කතාද ඔහුගේ නිර්මාණ ගොන්නට ඇතුලත් විය.

සරත් මදූ මහතාගේ දේහය මහරගම සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා
උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad