කිලිනොච්චියේ කුඹුරු යායක තරුණියකගේ මළ සිරුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 30, 2018

කිලිනොච්චියේ කුඹුරු යායක තරුණියකගේ මළ සිරුරක්


කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබී අවුරුදු 18ත් - 20ත් අතර වයසේ පසුවන තරුණියකගේ මළසිරුරක් ඊයේ (29දා) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවැසීය. කුඹුරුයායක ඇළ
මාර්ගයේ තිබී සොයාගත් මළසිරුර අසල තිබී යතුරුපැදි යතුරක්,

පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමුවී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළසිරුර දැක ඇති බව ද පොලිසිය පැවැසීය.  පොලිසිය ප්‍රකාශ කළේ මළසිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කොට සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පියවර ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලීනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

-ශේෂලා අමරසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad