පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන මිල ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 16, 2018

පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන මිල ඉහළට


පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර ඇත.
 පාන් මිල වැඩි කිරිම පිළිබඳ මෙතෙක් තිරණය ගෙන නැති බවත්, එම මිල වැඩි නොකර සිටීමට නම් තමන්ට කුමන හෝ සහනයක් සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් එම සංගමයේ සභාපති එන්.කේ.
ජයවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව ඒ සඳහා රජයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් තවත් මාස 2කින් පසු පාන් මිල වැඩි කිරීමට සිදුවන බව ඒ මහතා කීය.

මේ අතර නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම නිසා බත් පැකට්ටුවක මිලද ඉදිරි සතිය ඉහළ දැමීමට ඇතැම් විට සිදුවනු ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. අද වන විට හාල්, පොල්, එළවළු මිල ගණන් මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහළ යාම නිසා බත් පැකට්ටුවක නිෂ්පාදන මිල ගණන්ද ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ  ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කීය. එබැවින් ඉදිරි මාස තුන ඇතුළතදී අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් යළි ඉහළ නොයන බවට රජයෙන් සහතිකයක් නිකුත් කරන්නේ නම් බත් පැකට්ටුවක මිල වැඩි නොකරන බව ඒ මහතා කීය. එහෙත් රජය එවැනි සහතිකයක් දීමට අපොහොසත් වන්නේ නම් ඉදිරි සතියේදී බත් පැකට්ටුවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමටද එම සංගමය තිරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad