මට දැන් සුවයි - කිරිවෙහෙරේ තිබෙන හාස්කම් නිසයි මගේ ජීවිතය බේරුණේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 2, 2018

මට දැන් සුවයි - කිරිවෙහෙරේ තිබෙන හාස්කම් නිසයි මගේ ජීවිතය බේරුණේ


"මට දැන් සුවය අත්වෙමින් පවතිනවා. මට සෙත් පතා ආශීර්වාද බෝධි පූජාවන් තැබූ මේ රටේ සියලුම ජනයාට මම කෘතඥ වෙනවා. මට වෙඩි තැබූ ඒ දරුවන්ටත් මම අනුකම්පා කරනවා." යනුවෙන් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියෝ කොළඹ
පෞද්ගලීක රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මුද්‍රිත මාධ්‍ය වෙත එසේ අදහස් දැක්වූහ.

පසුගිය ජුනි 12 වැනි දින සාහසික පිරිසක් විසින් කළ වෙඩි තැබීම නිසා බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක කිරිවෙහෙර නායක හිමියන් ප්‍රතිකාර ලබමින් පසුවේ. වෙඩි වැදුණු තුවාල තරමක් සුව අතට පත් වෙමින් පවතින කොබවක ධම්මින්ද හිමියෝ මාධ්‍ය වෙත ප්‍රථම වතාවට රෝහලේදී අදහස් දක්වමින් මෙසේද පැවැසූහ.

"මට වෙඩි තැබීමේ සිද්ධිය මුල්කර ගෙන ඇතැම් පිරිස් කතරගම දෙවියන්ට හා බුදුන්ට නිගරු කරමින් විවිධ අදහස් පළ කර තිබුණා. පිරිසක් කතරගම දෙවියෝ සිටියා නම් මෙවැනි දේවල් සිදුවුණේ ඇයි කියා ප්‍රශ්න කළා. මට කියන්න අවශ්‍යයි කතරගම දෙවියෝ ජීවමානව වැඩ සිටීමත්, කිරිවෙහෙර සෑ රදුන්ගේ ඉමහත් වූ හාස්කම් මත තමයි මගේ දිවිය බේරුණේ. මගේ උදරයේ පැත්තකින් වැදුණු වෙඩි උණ්ඩ අනෙක් පැත්තෙන්

පිටවෙලා තිබුණා. මගේ ශරීරයේ ඉන්ද්‍රියයන්වලට ගෑවී නොගෑවී වෙඩි උණ්ඩයේ කොටස් පිටවෙලා තිබුණා. කතරගම දෙවියන්ගේ භස්කම් මත තමයි මම බේරුණේ. කිරිවෙහෙර සෑරදුන් වෙත මේ රටේ පමණක් නොව විදේශ රටවල සෑහැවතුන් මොන තරම් ගෞරවයක් දක්වනවාද කියලා මම දැන ගන්නා විට සිදුවූ තර්ජනයත් සමඟ ඒ වගේම කවුරුත් නොදන්නා කරුණක් මත තමයි මහසෙන් දේවාලයේ සේවය කළ පිරිස මෙවැනි අයුරින් මාව ඝාතනය කරන්න පැමිණියේ.

මහසෙන් දේවාලයේ සේවය කළ අය විවිධ අයුරින් වංචාකාරීව බැතිමතුන් රවටමින් තමයි සේවය කළේ. බැතිමතුන්ට නොගැළපෙන අයුරින් කටයුතු කරන්න එපා කියලා මම කීහිපවිටක්ම ඒ දරුවන්ට අවවාද කළා. කිරිවෙහෙර විහාරස්ථානයේ විශාල පිරිසක් සේවය කරනවා. මේ අය වැරැදි හදාගෙන සේවය නොකිරීම නිසා මට සිදුවුණා මහසෙන් දේවාලයේ සේවය කළ අය ඇතුළු පිරිසක් තාවකාලීකව ඉවත් කරන්න පසුව
සේවය ලබාදීමේ අරමුණ ඇතිව මම මාසයකට තමයි ඒ පිරිස ඉවත් කළේ. නමුත් ඒ දරුවන් කුමන හෝ පිරිසක් විසින් නොමඟ යවා මට නඩු දැම්මා. පසුව රටේ පවතින දේවාල ආඥාගම් පනත අනුව විහාරාධිපතීන් වහන්සේට ඇති අයිතිය අනුව මට පක්ෂව තීන්දුව

ලැබුණා. මේ පිරිසට නඩුවෙන් වාසියක් නොලැබුණු නිසා මට මේ දේ කරන්න ඇති.

 බුදුන් දවසේත් දේවදත්තලා සිටියා. මම වගේ භික්ෂුවකට මේ වැනි දේවල් සිදුවීම පිළිබඳ මම කනගාටුවෙන්නේ නැහැ. මාව ඝාතනය කරන්න ආපු කීප දෙනාට මම මෛත්‍රී කරනවා. මේ රටේ කතරගම දෙවියන් අදහන සැමගෙන් කරුණිකව ඉල්ලා සිටිනවා මේ සිදුවීම අමතක කරන්න. උතුම් කතරගම දෙවියන් ගැන අල්ප මාත්‍රයකවත් අහිතක් සිතන්න එපා. දෙවියන් බුදුන් නිසා තමයි රටේ අපරාධ වැළකී, සිදුවන ඒවා නීතියට අසුවන්නේ. වැළකෙන්නේ. කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසයකින් කතරගම ගොස් පුදපුජා තබාගෙන තෙරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගෙන එලොව පරලොව දිවියට පින් රැස්කර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මගේ ජීවිතය බේරා දීමට ක්‍රියා කළ වෛද්‍යවරුන්ටත් මට උපකාර කළ මෙමත්‍රිපාල සිරී ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු සියලුම මැති ඇමැතිව්වරුන්ට මම ස්තූතිය පුද කරනවා”  යැයි කොබවක ධම්මින්ද හිමියෝ මාධ්‍යට පැවැසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad