ක්‍රොඒෂියානු ජනපතිනියගේ වැරදි බිකිනි ෆොටෝ නැවත අන්තර්ජාලයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 12, 2018

ක්‍රොඒෂියානු ජනපතිනියගේ වැරදි බිකිනි ෆොටෝ නැවත අන්තර්ජාලයේ



පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රොඒෂියාව තේරී පත්වීමත් සමගම මේ දිනවල එරට ජනපතිනිය කොලින්ඩා ග්‍රැබර් කිටලොවික් ගැන කතාබහක් ඇතිව තිබෙනවා. ඇය ඉකොනොමි පන්තියේ යානයක නැගී පාපන්දු ලෝලීන් සමග එක්ව තරගය බලන්නට ආ හැටිත් තරග ජයග්‍රහණවලදී පිනුම් ගැසූ අයුරුත් මාධ්‍ය තුළ
වාර්තා පළවුණා.
ඒ අතරවාරයේ ඇගේ ජනපතිවරණ සමයේ ලෝකය පුරා සංසරණය වූ ඇගේ යයි කියන බිකිනි ඡායාරූප පෙළද මේ වනවිට නැවත සංසරණය වෙමින් පවතිනවා. නමුත් එම ඡායාරූප ඇගේ නොවන බවට මින් ඉහත නිල නිවේදන පවා නිකුත් කර තිබුණත් ඒවා
නොතකමින් ඇයව ආකර්ෂණය කර පුවත් මවන්නට උත්සාහ කරන අය එම ඡායාරූප නැවත නැවත පළකර තිබෙනවා.
සැබැවින්ම එම ඡායාරූපවල සිටින්නේ කොලින්ඩා නොවන අතර Coco Austin නමැති නිරූපිකාවයි.  ඇමරිකානු නිළියක, නිරූපිකාවක වන ඇය විවාහවී සිටින්නේ අයිස්ටී නමැති රැප් ගායකයා සමගිනි. ඔවුන් දෙදෙන මියාමි වෙරළ තීරයේ 2009 කළ සංචාරයක් අතරතුර පැපරාසි ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් මේ ආකාරයට ක්‍රොඒෂියානු ජනපතිනියගේ කියමින් සංසරණය වූ අතර ඒවා ඇගේ නොවන බවට මින් ඉහත මාධය වාර්තා රැසක් පළව තිබුණි.
දෙදෙනාගේම රූප තරමක් සමානවීම නිසා ඇතැමුන් තවම සිතන්නේ එම බිකිනි ඡායාරූප ජනපතිනියගේ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad