පාසල් ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට මුදල් නොමැති බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන් 40කට විදෙස් සංචාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

පාසල් ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට මුදල් නොමැති බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන් 40කට විදෙස් සංචාර



පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා මුදල් නොමැති බව කී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපනයට වෙන්වූ  මුදළින් නිලධාරීන් 40 දෙනෙකුට විදෙස් සංචාරයකට මුදල් වෙන්කර ඇතැයි ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

මෙම 40 දෙනාට වියටිනාමයට යෑමට මුදල් වෙන්කර තිබෙන බවත්, අද (17දා) දිනයේදී එම පිරිස විදේශගත වීමට නියමිතව තිබුණද එය කුමන හෝ කරුණක් නිසා වැළකී ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

බස්නාහිර පළාත් අධ්‍යාපන

දෙපාර්තමේන්තුවට මුදල් නොමැති බව සඳහන් කරමින් දෙවැනි වාර විභාගයට  අදාළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට මෙවර කටයුතු නොකළ බවද විදුහල්පතිවරු සඳහන් කරති. මේ අනුව ප්‍රශ්න පත්‍ර අඩංගු සීඩී තැටියක් සෑම විදුහලකටම ලබා දී තිබෙන බවත්, සීඩී තැටියේ අඩංගු ප්‍රශ්න පත්‍ර පාසල් තුළින් මුද්‍රණය කරගත යුතුව තිබෙන බවත් විදුහල්පතිවරු පෙන්වා දෙති.  සමහර පාසල්වල තැත්පතු මුදලක් නොමැති නිසා දෙමවුපියන්ගෙන් පවා ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට මුදල් එකතු කිරීමට සිදුව ඇතැයිද ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

-ඉන්දික හේවාවිතාරණ-

No comments:

Post a Comment

Post Bottom Ad