වයස 14 සිසුවියට වයස 44 වෑන් රථ රියැදුරා අතවර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 18, 2018

වයස 14 සිසුවියට වයස 44 වෑන් රථ රියැදුරා අතවර කරලා

අලව්ව ප්‍රදේශයේ පාසල් වෑන් රථයක වයස අවුරුදු 44ක රියැදුරකු එම වාහනයේ දිනපතා ගමන් කරන අවුරුදු 14ක බාල වයස්කාර සිසුවියකු රවටා ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසිය මඟින් රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රියැදුරා පසුගිය සිකුරාදා (13) පොල්ගහවෙල මහෙස්ත්‍රාත්
අධිකරණය වෙත ඉදිරිපත් කිමෙන් පසු පොල්ගහවෙල මහෙස්ත්‍රාත් ආර්.කේ. ආර්. ජයවර්ධන මහත්මිය සැකකරූ ජූලී මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

බාල වයස්කාර සිසුවියන්ගේ මව සහ පියා රජයේ රැකියාවන්හි නිරතව සිටින අතර ඔවුන් නිවෙසට

පැමිණෙන්නේ සවස් කාලයේය. පාසල නිම වීමෙන් පසුව සිසුවිය කාලය ගත කරන්නේ සිය කිරි අමිමා සමඟයි. සැකකාර රියැදුරා මෙම සිසුවිය දුරකථන කෙටි පණිවුඩ මාර්ගයෙන් රවටාගෙන ඇත. අවස්ථා කිහිපයකදීම සිසුවිය සැකකාර රියැදුරා නිවෙසට ගෙන්වා ගෙන ඇත. පසුගිය දින්නෙකද රාත්‍රි කාලයේ සිසුවියෙගන් ලැබුණ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හොර රහසේ සිසුවියගේ නිවසේ පිටුපසට ගිය සැකකාර රියැදුරාට බල්ලන්ගේ බිරිමත් සමඟ ආපසු පලා යමට සිදු වී ඇත.

බල්ලෝ බීරිමත් සමඟ දියණියගේ හැසිරීම් රටාවේ වෙනසක් වී ඇත. දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරිමේදී දෙදෙනා අතර කාලයක් තිස්සේ හුවමාරු කරගත් කෙටි පණිවුඩ පරික්ෂා කර බලා සියල්ල අවබෝධ කර ගත් මව අලව්ව පොලිසියට පැමිණිලි කළ බව අලව්ව පොලිසිය පවසයි. මවුපියන් සිය දරුවන් කෙරෙහි මිට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් රටේ අනාගතය භාර ගන්න සිටින මෙවන් මල් කැකුළු අකාලයේ මිලින වීමට ඉඩ නොතබා මෙවන් පාපතරයන්ගෙන් දරුවන් බේරා ගැනීම සදහා උනන්දු වන ලෙසත් අලව්ව පොලිසිය මවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

අලව්ව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටියුඩර් අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි අලව්ව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

-රෝහිත ශ්‍රී හේමන්ත-

No comments:

Post a Comment

Post Bottom Ad