ත්‍රීවීල් සහ බයික් සදහා අඩුමිලට නව පෙට්‍රල් විශේෂයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 19, 2018

ත්‍රීවීල් සහ බයික් සදහා අඩුමිලට නව පෙට්‍රල් විශේෂයක්


ත්‍රීවීල් රථ හා මෝටර් බයිසිකල් ඉලක්ක කරගෙන නව අඩු මිල පෙට්‍රල් විශේෂයක් හදුන්වාදීමට සූදානම් බව ඛණිජ තෙල් ඇමති අර්ජුන රණතුංග අද පැවසුවේය.
සිය අමාත්‍යංශයේ

ඉංජිනේරු පිරිසකට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ඔහු කියා සිටියේ මේ වනවිට නව පෙට්‍රල් විශේෂය ගැන පරීක්ෂණ සිදුවන බවත් ඉක්මණින්ම වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව නොබෝදිනකින්ම නව පෙටුල් විශේෂය දිවයින පුරා සිපෙට්කෝ නියෝජිතායතන හරහා මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථ රියදුරන්ට ලබාගත හැකි වනු ඇත. දැනට වෙළෙදපොළේ පවතින ඔක්ටේන් 95  සහ ඔක්ටේන් 92 ට අමතරව මෙම නව විශේෂයද අලෙවියට පැමිණෙනු ඇති අතර ඒවායේ මිල සාපේක්ෂව පහළ අගයකින් ලබාදෙන්නට හැකිවනු ඇතැයි ඇමතිවරයා දන්වා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad