ගායිකා චම්පා කල්හාරි අනතුරක් නිසා එක් තැන් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 17, 2018

ගායිකා චම්පා කල්හාරි අනතුරක් නිසා එක් තැන් වෙයි

ගායන ශිල්පිනී චම්පා කල්හාරි නිවසේ පඩිපෙළකින් වැටීම නිසා අනතුරකට ලක්ව තිබේ. ඇයගේ මෙම අනතුරින් පාද බිදී තිබෙන අතර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත. වෛද්‍ය උපදෙස වන්නේ මාස 6 ක් පමණ තිස්සේ ඇදින් නොබැස එක තැනක සිට විවේක ගන්නා ලෙසය. ඇය ඒ ගැන සතිඅන්ත පුවත්පතකට මෙසේ විස්තර තර තිබුණි.

ඔබව එක්තැන් කළ මේ හදිසි අනතුර සිදුවුණේ කොහොමද?

මේ සිදුවීමට මම මුහුණ දුන්නේ පහුගිය මාසේ 29 වැනිදා. මැයි 27 වැනිදාට තමයි මගේ පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණේ. මේ අනතුර වෙන්න මොහොතකට කලින් මම ප්‍රාර්ථනාවක් කළා. මගේ පුතාට නම් කිසිම
කරදරයක් වෙන්න එපා

මොනවා හරි නරක දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මගේ පිටින් යන්න කියලා එහෙම හිතලා වැඩි වෙලාවක් ගතවෙන්න කලින් ගෙදර  පඩි පෙළෙන් බහිද්දී මාව බිමටම ඇදගෙන වැටුණා.

ඊට පස්සේ?
කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු ඒකකයට තමයි අනතුර වූ වේලාවේ තමයි මාව ඇතුළත් කළේ දකුණු කකුල තැන් දෙකකින් කැඩිලා කියලයි. වෛද්‍යවරු කිව්වේ පැය 3කක ඔපරේෂන් එකකින් පස්සේ මගේ කකුලට ඇණ 14ප්‍ලේට්ස් දෙකක් දැම්මා. දැන් මම ගෙදරට වෙලා කකුල හොල්ලන්නෙවත් නැතිව ඉන්නවා.

ඒ කියන්නේ තනිවම ඇවිද ගන්නත් බැරි තත්ත්වයකයි ඔබ අද ඉන්නේ? ඒ අපහසුතා එක්ක කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ?
මට දැන් මගේ වැඩ තනිවම කරගන්න අමාරුයි. රෝහල් ගත වෙලා සිටියදී ජාතික රෝහ‍ලේ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු හැමදෙනාම රෝගාතුර වෙලා හිටපු මට පුදුමාකාර විදිහට සැලකුවා. ඔවුන් මට සලකපු ආකාරයෙන් විශාල මානසික සුවයක් මට ලැබුණා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කොහුවල එපාර්ට්මන්ට් එකක. එය අයිති අය සහ අනෙක් නිවාසවල අය මා ගැන සොයා බලන විදිහ මට විශාල ශක්තියක්. මගේ කැත කුණු පවා ඒ අය අත ගෑවා. මගේ පවු‍ලේ අයත් මා ගැන සොයා බැලුවා. මම අසරණ වෙච්ච වෙලාවේ පිහිටට ආපු ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මා වෙනුවෙන් කරපු උදවු උපකාරවලට මොකද, ඒ අය හින්දා පුතා

එක්ක මම තනි වුණේ නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ ගායන ජීවිතයටත් විශාල බලපෑමක් එල්ල වෙයි නේද?

මාස හයක් යන තෙක් දකුණු කකුල බිම තියන්න එපා කියලයි මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ. මම ඉතින් අපාර්ට්මන්ට් එකේ උඩ තට්ටුවක. ඒ නිසා කවුරුහරි මාව ඔසවාගෙන තමයි ඉහළට පහළට ගෙනියන්න ඕනෑ. ගායනය තමයි මගේ එකම වෘත්තිය. කලින් බාරගෙන තිබුණු ප්‍රසංග මම අවලංගු කළා. ඒත් මේ මාසේ 26 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රසංගයට සහ 28 වෙනිදා  කුවේට්හිදී ආරම්භ වෙන ප්‍රසංග මාලාවට මම කොහොම හරි සහභාගි වෙනවා. ඊට පස්සේ විවේකයක් අරගෙන ඉක්මනින්ම සුවපත් වෙලා ආයෙමත් රසික රසිකාවියන් අතරට එන්නයි මම බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.

කිෂාන් කනංකෙ
ඡායාරූප - මංජුල පෙරේරා

No comments:

Post a Comment

Post Bottom Ad