ගම්මුන්ට අඩන්තේට්ටම් කළ මොරවැව වලස් රජා කොටු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 18, 2018

ගම්මුන්ට අඩන්තේට්ටම් කළ මොරවැව වලස් රජා කොටු වෙයි

මොරවැව ගම්මාන දෙකකට කඩා වැදුණු  දැවැන්ත වලසෙකු යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගේ ඇගට පැන සපා කෑම නිසා මේ වනවිට ඔවුන් ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව මොරවැව පොලිසිය සඳහන් කරයි.

රෝහල් ගත කර ඇත්තේ

මොරවැව අයියනගර් දෙමළ ගම්මානයේ පුද්ගලයන් දෙදෙනෙකි. මේ අතර මොරවැව පොලිස් වසමට අයත් නාමල්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (16) පස්වරුවේ එල්ල වු වලස් ප්‍රහාරයකින් කුඹුරට යමින් සිටි ගොවියකු තුවාල ලබා රෝහල්ගත කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල අඩවි කාර්යාලය කියයි.

 සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසි දැනුම් දීමෙන්  පසුව එම ප්‍රදේශයට ගිය වන ජීවි අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතා ඇතුළු කණ්ඩායම වලසා  ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබිය. මීට පෙර අවස්ථා  කිහිපයක දී ද තඹලගමුව පොලිස් වසමට අයත් සිරාජ් නගර් ප්‍රදේශයේදි වලස් ප්‍රහාරයට ගොදුරු වූ හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි. ජීවග්‍රහයෙන් අල්ලා ගත් වලසා වනජීවි පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ අභය භූමියට මුදා හැරිමට කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad