වෙසක් නිවාඩුව අස්සේ බණ්ඩාරවෙල උසාවියේ නඩු ගොනු ගිනිබත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 1, 2018

වෙසක් නිවාඩුව අස්සේ බණ්ඩාරවෙල උසාවියේ නඩු ගොනු ගිනිබත්


බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අයත් නඩු ලේඛන ගබඩාවේ ඊයේ (30දා) උදෑසන 9.00 ට පමණ හිටිහැටියේ ම පැතිර ගිය ගින්නක් හේතුවෙන් ඒ තුළ තිබූ නඩු ලේඛන අති විශාල සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වෙසක් නිවාඩුව හේතුවෙන් ඊයේ (30) එය වසා
දමා තිබූ අතර ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවකුත් එහි නොසිටීම නිසා ගින්න පාලනය කිරීමට ද නොහැකිවී ඇත. ප්‍රදේශවාසියකු විසින් මහේස්ත්‍රාත් අධිකරණය තුළින් දුමාරයක් පැතිරෙණ බවට බණ්ඩාරවෙල පොලීසියට කළ දැනුම්දීමක් අනුව එහි ගිය බණ්ඩාරවෙල පොලීසියේ හා බණ්ඩාරන්වෙල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවා දැමීමට පියවරගෙන ඇත.

 බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල

පොලීසියේ නිලධාරීහු මේ ගැන පරීක්ෂණ සිදු කරති.

මහෙස්ත්‍රාත් අධිකරණය තුළින් දුමාරයක් පැතිරෙන බවට ප්‍රදේශවාසියකු විසින් බණ්ඩාරවෙල පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදා පොලිසිය විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
වෙසක් නිවාඩුව නිසා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) නිවාඩු දිනයක් බැවින් මෙම ගින්න ඇතින අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ කිසිවකුත් රාජකාරියේ නොසිටීම නිසා මෙම නඩු ලේඛන කාමරය පුරා ගින්න පැතිරී තිබේ.

මෙම ගින්න හට ගැනීම පිළිබදව නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණඩාරවෙල පොලීසියේ නිලධාරිහු මේ පිළිබඳව පරික්ෂණ සිදුකරති.


බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙතෙක් විභාග වූ නඩු ලේඛන හා මේ වන විටත් මෙම අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු ලේඛන රැසක් මෙහි තැන්පත් කර ඇති බවත් එම නඩු ලේඛන විශාල ප්‍රමාණයක් ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන  බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad