අයහපත් කාළගුණය නිසා පාසල් පැවැත්විය නොහැකිනම් නිවාඩු දීමේ බලය විදුහල්පතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 22, 2018

අයහපත් කාළගුණය නිසා පාසල් පැවැත්විය නොහැකිනම් නිවාඩු දීමේ බලය විදුහල්පතිට


අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  යළි ප්‍රදේශයක පාසලක් පවත්වාගෙන යෑමට නොහැකි තත්තවයක් මතුව ඇත්නම් එහි විදුහල්පතිවරයා විසින් ඒ පිළිබද පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත්කොට
තීරණයකට එළඹිය හැකි බව

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදී තිබේ, පවතින තත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක පාසල් පැවැත්වීම් කටයුතුවලට බාධා මතුව ඇතිබවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇති බැවින් සහ ආපදා තත්වයකදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනින් තීරණ ගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කායවසම් මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad