අළු අනාරක්ෂිතව මුදාහරින නොරොච්චොල පරිසර ආරක්ෂක බලපත්‍රය අලුත්කර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 19, 2018

අළු අනාරක්ෂිතව මුදාහරින නොරොච්චොල පරිසර ආරක්ෂක බලපත්‍රය අලුත්කර නෑ


නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කල් ඉකුත් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වනතුරු එය අලුත් කර ගැනීමට එහි බලධාරින් කටයුතු කර නැතැයි වාර්තා වේ. මෙම මෙම බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍ර වාර්ෂිකව අලුත් කළ යුතුව ඇති බවත් මේ තරම් විශාල පරිසර
විනාශයක් සිදුවෙමින් පැවතියේ දි මේ පිළිබඳව පරිසරය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිතුමන් හෝ අනෙක් පරීසර බලධාරීන් හෝ සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවත් පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පෑවසීය.

බලාගාරයෙන් පිටවී සුළඟේ පාවෙන

අළු චිමිනියේ රඳවා පහළට හෙළන ඒකකය කැඩී තිබීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ සිට බලාගාරයේ අලු ජලය සමග එක්කොට මුහුදට දමන බව ද අනෙක් පිරිපහදු ඒකක හතරම මේ වන විට කැඩි ඇති නිසා සියලු අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව මුහුදට හෙළන බවක් හෙළිවී ඇති බවද විතානගේ මහතා පැවැසීය.
මේ තත්ත්වය යටතේ බලාගාරය අවට මුහුදේ වර්ග කිලෝ මීටර් සියයකට අධික වපසරියක් දැඩි පරිසර දූෂණයකට ලක් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මුහුදු මසුන් හා කොරල්පර මේ හේත්තුවෙන් දැඩි විනාශකාරි අවදානමකට මුහුණ දී සිටින බව ද විතානගේ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad