මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසක : මිලියන 2.87 ලංකා මුදල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 21, 2018

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසක : මිලියන 2.87 ලංකා මුදල්


මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී  ‘ශ්‍රී ලංකා රුපියල්' මිලියන 2.87ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බරපතල මුල්‍ය අක්‍රමිකතා සහ දුෂණ  සම්බන්ධව චෝදනා ලබා සිටින  මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ එම පවුලට අයත්  ස්ථාන හයක් පසුගිය 16,17 යන  දිනවල පරීක්ෂා කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කල අතර එහිදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත. 

මෙම පරීක්ෂාවේ දී  මිල අධික අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ මළු  72ක් ආරක්ෂක අංශ සොයාගෙන ඇත. 

මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කර තිබෙන අතර  මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ කරනු ලැබූ බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ. එසේම හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ (1 MDB) රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

නජිබ් සහ මහින්දගේ සම්බන්ධය ගැනත් රහස් ඔත්තු සේවයෙන් පරීක්ෂණ 

මැලේසියානු හිටපු අගමැති නජිබ්ගේ නිවසින් හසු වූ රුපියල් මිලියන 2.87 සම්බන්ධව එරට පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුර හිටපු ජනාධිපති මහින්ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මෙන්ම හිටපු ඇමති බැසිල්ගේ සමග පැවත්වූ සම්බන්ධතා පිළිබද තොරතුරු සොයාගෙන ඇත. මේ මුදල්ද ඔවුන් අතර සිදු වූ ගනුදෙනුවක් බවද තොරතුරු තොරතුරු හෙළි වී ඇත. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද සමග පැවැත්වූ මුල්‍ය වංචා කිහිපයක්ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සම්බන්ධ මිග් යානා ගනුදෙණුවට කෙලින්ම සම්බන්ධ වී ඇති බවත්, විශේෂම කාරණාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රීපති සුරියආරච්චි මහතා විටෙක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන කොටි සංවිධානයට හිටපු ජනාධිපතිගේ කීමට හිටපු ඇමති බැසිල් මුදල් දුන් සිද්ධියද ගැනද විශාල තොරතුරු ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. 

17,639 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad