මහින්දගේ අණින් සම්බන්ධන්ගේ විශ්වාසභංගය නවතී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 24, 2018

මහින්දගේ අණින් සම්බන්ධන්ගේ විශ්වාසභංගය නවතී..

ඒකාබද්ද විපක්‍ෂය විසින් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාට විරුද්දව ඉදිරිපත් කිරිමට සූදානමින් සිටි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ඒකාබද්ධ විපක්‍ෂයට දන්වා ඇත.

දෙමල ජාතික සන්ධානය රටේ ප්‍රධාන විපක්ෂය වුවත් රජයත් සමගින් නිල වශයෙන් එක්ව කටයුතු කිරීම නිසා උතුරේ ජනතාව විසින්ම ඔවුනට පාඩම් උගන්වමින් සිටින්නේ යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. වව්නියාව නගර සභාව දෙමල ජාතික සන්ධානය අතින් ගිලිහී යාමෙන්ම ඒ බව පෙනී යන බවත් දෙමල සන්ධානය පාලනය බලය දරන උතුරු පළාත් සභාවේද අර්බුද ඇතිව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එනිසා සම්පන්දන්ට විරුද්දව අමුතුවෙන් විශ්වාසභංග ඉදිරිපත් කිරීමට උවමනා නැතැයිද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad