මස්කෙළියේ තේ වත්තක අතරමංවූ දිවි පැටියෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 3, 2018

මස්කෙළියේ තේ වත්තක අතරමංවූ දිවි පැටියෙක්

මස්කෙළිය, ගවරවිල තේ වතුයායේ ලොකු සෝලන්කන්ද කොටසේ  තේ පඳුරක් යට වළක සිටි කුඩා දිවි පැටවකු අද (03) පෙරවරුවේ එම වත්තේ කම්කරුවන් විසින් සොයාගන්නා ලදී.

කුඩා දිවි පැටවා සොයා ගන්නා විට උගේ ඇස් විවෘත කර නොතිබුණි.
වතු කම්කරු කාන්තාවන් තේ දළු නෙළමින් සිටියදී මෙම දිවි පැටවා හමුවී ඇත.
මෙම දිවි පැටවා සිටි ප්‍රදේශයේ තවත් දිවි පැටවුන් ඇති බවත්, දිවි මවද සැරිසරණ

බවට සැකකරන බවත්   වතුයායේ කම්කරුවන් පවසති. දිවි මව ප්‍රදේශයේ සැරිසැරීම නිසා වතු කම්කරුවන් බියෙන් පසුවෙති.
මෙම දිවි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය කාර්යාලයේ නිලධාරීන්ට භාර දීමට වතුපාලනාධිකාරිය මගින් පියවර ගෙන ඇත.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)







No comments:

Post a Comment

Post Bottom Ad