පාර්ලිමේන්තු නව සැසිවාරයට අමතර වියදමක් නෑලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

පාර්ලිමේන්තු නව සැසිවාරයට අමතර වියදමක් නෑලු


පාර්ලිමේන්තුවේ නව  සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට පැතිරෙන බව කියන ආරංචි පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන්නට පාර්ලිමේන්තු කථානායක මාධ්‍ය අංශය පියවර ගෙන තිබේ එහි මෙසේ දැක්වේ.

‘නව  සැසිවාරය

උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශවයන් විසින් මාධ්‍යයට කර ඇති  ප්‍රකාශ ඇසුරින් පලකර ඇති පුවත් අපගේ අවධානයට ලක්ව ඇත. එම තොරතුරු මුළුමණින්ම සත්‍යයෙන් තොර  බව ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

මැයි මස 08 දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භවනුයේ දිවා ආහාරයෙන් ද පසුව බැවින්, අමතර ආහාර පාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිඳු මුදලක් වැය කරනු නොලබන  අතර, එදිනද  සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු වනු ඇත.‘

No comments:

Post a Comment

Post Bottom Ad