‘ඒ මගේ වයිෆ්..අයෝජන ප‍්‍රවර්ධනය කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි.. ‘- අන්තර්ජාලය කැළඹූ පොදුරද මඩුලු ගිය කාන්තාවගේ සැමියා කියන කතාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 24, 2018

‘ඒ මගේ වයිෆ්..අයෝජන ප‍්‍රවර්ධනය කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි.. ‘- අන්තර්ජාලය කැළඹූ පොදුරද මඩුලු ගිය කාන්තාවගේ සැමියා කියන කතාව මෙන්න..

නිමාවු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුව සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව පුවතක් ආන්දෝලනයට තුඩු දී තිබුනා. ගිහානි වීරසිංහ නම් 34 හැවිරිදි කාන්තාවක් මෙම සමුලුවට සහභාගි වී සිටි ඡායාරූප සහ එම සමුලුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත කණ්ඩායම සමග ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග මෙම තත්වය ඇතිවූවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව විවාහක කාන්තාවක් බවත්, තමා ඇයගේ සැමියා බවත්, ඇය මෙම සමුලුව සදහා සහභාගි වූයේ තමන්ගේ පෞද්ගලික මුදලින් බවත් මොහාන් පෙරෙරා නම් පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. තමන් ඇතුලු කණ්ඩායම මෙම සමුලුවට සහභාගි වූයේ ආයෝජන අවස්තා ප්‍රවර්ධනය කිරීම සදහා බවත් ඒ සදහා රජයේ මුදල් ලබා නොගත් බවත් සිය ෆේස්බුක් ගිණුමේ ඔහු පවසා තිබුනා. තමන් ඇතුලු පිරිස මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.බි 1.5ක් වන බවද ගිහානි වීරසිංහ නම් කාන්තාව සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමේ සටහන් කර තිබුනා.

එලෙසින් ආන්දෝලනයට ලක්වූ ගිහානි වීරසිංහගේ සැමියා සිය ෆේස්බුක් ගිණුමෙ සදහන් කර තිබුනේ ” ආයෝජන ප්‍රවර්ධනය කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි. ආයෝජන මගින් රට සන්වර්දනය වරදක් නම් එම වරද දහස් වර කරමි. මීට මොහාන් ” යනුවෙනි. මීට අමතරව ඔහු ඇතුලි පිරිස එංගලන්තයේ රැදි සිටි කාලය තුල ඔහු විසින් පෞද්ගලිකව ඊට අදාල වියදම් පියවූ බවද ඔහු සදහන් කර තිබුනා. මොහාන් පෙරේරා නම් පුද්ගලයා ශ්‍රී ලංකා යුරෝපියන් බිස්නස් කවුන්සිල් නම් කවුන්සිලයක සභාපති තනතුර දරන අතර ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව නියෝජනය කර තිබුනේ එම සංවිධානය නියෝජනය කරමින් බවත් පවසනවා. කෙසේ වෙතත් එවැනි සමුලුවකට සහභාගි වීමට ඕනැම සංවිධානයකට රාජ්‍ය අනුග්‍රහයක් අනිවාර්ය බව දේශපාලන විචාරකයන් පවසනවා.

එම සටහන්...






No comments:

Post a Comment

Post Bottom Ad