ලොව අවසන් සුදු රයිනෝ ඊයේ සදහටම සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 21, 2018

ලොව අවසන් සුදු රයිනෝ ඊයේ සදහටම සමුගනී




කෙන්යාවේ වන ජිවී සුරැකීම් මධ්‍යස්ථානයක එරට හමුදාවේත් වන ජීවී නීලධාරින්ගේත් ආරක්ෂාව යටත් ජීවත් වුණු ලොව අවසන් ධවල රයිනෝ පිරිමි සත්ත්වය ඊයේ (20) මියගීයේය.
"සුඩාන්" නමැති මෙම ධවල රයිනෝ මියගියේ පසුගිය මාස කිහිපය පුරාවට දරුණු චර්ම රෝගයකින් පිඩා විදීමෙන් යැයි ඌට ප්‍රතිකාර ලබා දුන් පශු වෛද්‍ය කණ්ඩායම් පවසා ඇත. "සුඩාන් බොහොම අහිංසක රයිනෝ සත්වයකු බවට ප්‍රකටය.

පසුගිය වසර කිහිපයේ පැය 24 පුරා හමුදා ආරක්ෂාව මැද සුඩාන් ජීවත් වුයේ ලයිකීපියා
 ප්‍රාන්තයේ අක්කර 90,000 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඔල් පෙජේවා වන රක්ෂිතය සහ වන සත්ත්ව සුරැකීමේ මධ්‍යස්ථානයේය.


'සුඩාන් යනු උතුරුදිග ධවල රයිනෝ සිත්වයෙකි. මෙම රයිනෝ සත්ත්වයා, රයිනෝ පවුලේ උප විශේෂයකට අයත් වෙයි. එම ධවල රයිනෝ උප විශේෂයේ තවත් ඇත්තේ ගැහැනු “ දෙදෙනකු පමණි. ඉන් එකක්, සුඩාගේ දියණියක බවත්, අනෙකා සුඩාන්ගේ මිත්තණිය බවත්
කෙන්යා වන ජීවි නිලධාරින් පවසා ඇත.
අඟ ලබා ගැනීමේ අරමුණින් ඉවක් බවක් නොමැතිව ධවල රයිනෝ සතුන් දඩයම් කිරිම, උගේ වඳවී යෑමට හේතුවක් විය. රයිනෝ අං ඖෂධ සදහා යොදා ගනී. 1970 සහ 90 දශකයේ. සුදු රයිනෝ සත්වයෝ අප්‍රිකා රටවල් වන උගන්ඩාව, මධ්‍යම අප්‍රික ජනරජය, සුඩානය සහ චැඩ් යන රටවල බහුලව ජීවත් වුහ. මියයද්දී. සුඩාන්ගේ වයස අවුරුදු 44 ක් මහල් 45 ක් හෝ වෙන්න ඇතැයි වනජීවී නිලධාරිහු කියති.
සුඩාන් උපත ලබා ඇති බව පැවසේන්නේ 1973 වසරේය. ඒ, දකුණු සුඩානයේදීය. රයිනෝ සත්ත්වයා "සුඩාන්" යන නමින් හැඳිටින්මනේ ද එහෙයිනි. අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා බවට පත්වීමත් සමග සුඩාන් කෙන්යාවේ ලයිකීපියා ‘ඔල් පෙජේවා” වන රක්ෂිතයට රැගෙන එන ලදී. ඒ. 2009 වසරේදිය.

අවසන් පිරිමි ධවල රයිනෝ සත්වයා හේතුවෙන් කෙන්යා රජය සුඩාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක් යොදවා තිබුණි.
පැය 24 පුරාවට කෙන්යා හමුදා සන්නද්ධ සෙබළුන්ගේ ආරක්ෂාව ඌට හිමිවිය. සුඩාන්ගේ සුවදුක් විමසා බැලීමට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ද පත් කර තිබුණි. සුඩාන් දරුණු චරිම රෝගයට ලක්වුණු අවස්ථාවේදී ඌ බේරා ගැනීමට දෙස් විදෙස් පශු වෛද්‍ය කණ්ඩායම්
බොහෝ සේ වෙහෙසුණු බව පැවැසෙයි. වෛද්‍යවරුන් දිවා රෑ නොබලා 'සුඩාන්' ට
ප්‍රතිකාර කළත් ඌගේ මහලු වයස හේතුවෙන් ඌ බේරා ගැනීම අසීරු වුණු බව ඔවුන් බොහොම කනගාටුවෙන් පවසා ඇත. අවුරුදු 50 තෙක් ජීවත් වීම, මෙවැනි ධවල රයිනෝ සත්වයකුගේ පරමායුෂ යැයි වනජීවීහු වැඩි දුරටත් පැහැදිලි කරති.
අවසන් ධවල රයිනෝ ඒ පිරිමි සත්ත්වයා ලෙස සුඩාන් ලොව කා අතරින් ජනප්‍රිය වී සිටියේය. ලොව ජනප්‍රිය නළු නිළියන්, වන ජීවී සුරැකීමේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාංග නිරන්තරයෙන් "සුඩාන් ගැන සොයා බැලුවා පමණක් නොව. සුඩාන්  ආරක්ෂා කර ගැනීම වෙනුවන් කෙන්යාවට මුදල් පරිත්‍යාග පවා සිදු කළ බව චාර්තා වේ. වන සතුන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය නළු නිළියන් පවා සුඩාන් ගේ සුවදුක් බැලීමට හමුවිමට ගොස් ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad