කුරුඳු පොලු හා ගිනි අවි දෙකක් සමග මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

කුරුඳු පොලු හා ගිනි අවි දෙකක් සමග මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට


එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අදියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ දෙකක තිබී බෝර 12 ගිනි අවි දෙකක් හා කුරුදු පොලු 98 ක්
කඩුගන්නාව හා පේරාදෙණිය පොලීසි වල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන අද (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී සිටියහ.

පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන

අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුදු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම කුරුඳු පොලු කුමක් සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජීප් රථය මෛත්‍රී ගුණරත්න මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබෙන බව පොලීසිය පවසයි.

කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු ලෙස රැගෙන ආ බව ඔවුන් සඳහන් කල අතර  ඔවුන්ට කොඩි පෙන් වීමට නොහැකිවූ බවත් පොලීසිය පැවැසිය.

මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි බලපත්‍ර පොලීසියට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

චමිල් රූපසිංහ Cortesy -lankadeepa.lk

No comments:

Post a Comment

Post Bottom Ad