රිදියගම සෆාරීයට ජපානෙන් තැගි ලැබුණ කැන්ගරුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 23, 2018

රිදියගම සෆාරීයට ජපානෙන් තැගි ලැබුණ කැන්ගරුවන්


රිදියගම සෆාරී වන උද්‍යානයේ විවෘත කිරීමට නියමිතව ඇති ඕස්ට්‍රේලියා කලාපයට ජපානයේ නගෝයා සත්වෝද්‍යානයෙන් කැන්ගරුවන් හතර දෙනෙක් ලබාදී තිබේ.


එම කැන්ගරූ සතුන් සිවු දෙනා රැගෙන නගෝයා සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ මසාමි කුරුබේ මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.
රිදියගම සෆාරි වනයේ පිහිටුවීමට නියමිත අක්කර 25ක පමණ විශාලත්වයකින් යුත් ඕස්ට්‍රේලියා කලාපයට  කැන්ගරු, එමූ, වොලබ්, කැස්වරි ආදී ඕස්ටේට්‍රියාවේ ජීවත් වන සතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සකසා ඇති අතර ඉදිරී මාස තුන ඇතුළත එම කලාපය නරඹන්නන් සඳහා විවෘත කරන බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad