රාජ්‍ය ඇමති තාත්තා දිලිප් ඉදිරිපිට පුතා නාගරික මන්ත්‍රිධුරයේ දිවුරුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 22, 2018

රාජ්‍ය ඇමති තාත්තා දිලිප් ඉදිරිපිට පුතා නාගරික මන්ත්‍රිධුරයේ දිවුරුම් දෙයි



තංගල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස රවිදු වෙදආරච්චි මහතා සිය පියා වන ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , තංගල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක හා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ
කම්ටුවේ සම සභාපති

දිලිප් වෙදආරච්චි මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය .
මෙලෙස තංගල්ල නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් රවිදු වෙදආරච්චි මහතාගේ පියා වන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ද තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු , උප සභාපති හා නගරාධිපති ලෙසත් කටයුතු කල අතර , තංගල්ල නගර සභාවේ හිටපු  නගරාධිපතිවරයකු වන  සැමි පාල වෙදආරච්චි මැතිතුමා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ පියාය .
මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තංගල්ල මැදකැටිය කොට්ඨාශය නියෝජනය කරමින් තරග කර ජයග්‍රහණය කරමින් තේරීපත්වූ රවිදු වෙදආරච්චි මහතා මෙලෙස තංගල්ල නාගරික මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය .

No comments:

Post a Comment

Post Bottom Ad