‘පලයව්..’ එජාප කුරුදුපොලූ බලකාය සිරිකොත වටලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 24, 2018

‘පලයව්..’ එජාප කුරුදුපොලූ බලකාය සිරිකොත වටලයි..


එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන බලකාය විසින් එළැඹෙන් 29 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව වැටලීමට සූදානම් කරමින් ඇති බව වාර්තා වෙයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුව වැටලීමට සන්නිවේදන බලකාය සූදානම් වන්නේ කුරුදු පොලූද සමගින් බව දැනගන්නට ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාට සෘජුව උපදෙස් දෙමින් පක්‍ෂය විනාශය කරා ඇදගෙන යන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂයේ පංච පුද්ගල කමිටුවට එරෙහිව මෙම ක‍්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවද සදහන්ය. මීට අමතරව මලික්, සාගල, මාරපන, එරන්ද වැනි තක්කඩි ලං කරගෙන පක්ෂය විනාශ කරන මේ නායකත්වය වහා ඉවත් විය යුතුය යන්න එජාපයේ අභ්‍යන්තර මතය වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන බලකායේ ප‍්‍රධානී සුදත් චන්ද්‍රසේකර මහතාද ඉල්ලා අස්වූයේ මෙම කමිටුව සම්බන්ධයෙන් ඇති කර ගත් ආරවුලක් නිසා බවද සිරිකොත ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad