පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම ලෙඩක්ද..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම ලෙඩක්ද..?

feature-top

අද පවතින තත්ත්වය එක්ක අධි පෝෂණය සහිත පිරිස වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. එයට වයස් භේදයක් නැහැ. තරබාරුකමත් එක්ක විවිධ රෝග වැළදීමේ අවස්ථාත් දක්නට ලැබෙනවා.  විශේෂයෙන් තරබාරු පිරිමි දරුවන්ගේ පියයුරුවල හටගන්නා අසාමාන්‍ය වර්ධනය ඉන් එක්‌ අවස්‌ථාවක්. මේ ඒ ගැනයි.

 පිරිමි දරුවන්ගේ ඇතිවන අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව කුමක්‌ද?
පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනයට වීමට බලපාන හේතු කිහිපයක්‌ තිබෙනවා. එක්‌ හේතුවක්‌ වන්නේ ශරීරයේ නිපදවනු ලබන පිරිමි හෝමෝනය වන ටෙස්‌ටොස්‌ටරෝන් හෝමෝනය නිසි ලෙස නිපදවීම සිදු නොවීමයි. තවත් හේතුවක්‌ නම් පියයුරු වර්ධනයට බලපාන ප්‍රොලැක්‌ටික්‌ නමැති හෝමෝනය ශරීරය තුළ නිපදවීම ඉහළ යැමය. ඊට අමතරව දරුවන්ගේ තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩුවී යාමත් මෙයට හේතුවිය හැකියි.

මීට අමතරව මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ දරුන්ගේ අධික ස්‌ථුල භාවයයි. ශරීරය අධික ලෙස මහත්වීම නිසා ඔවුන්ගේ ශරීරයේ මේද පටක තැන්පත්වීම බහුලවීම නිසා ටෙස්‌ටොස්‌ටරොන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා. ටෙස්‌ටොස්‌ටරොන් මේද පටක තුළදී ඊස්‌ට්‍රජන් බවට පරිවර්තනයකුත් සිදුවෙනවා.

මෙම හේතුවට අමතරව තව පිරිසකට උපතින්ම පියයුරු අසාමාන්‍ය වර්ධනයක්‌ පවතිනවා.

මෙලෙස පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම ගයිනොකොමැස්‌ටියා (Gynaecomastia) ලෙසින් හඳුන්වනවා

පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව වෛද්‍ය පරීක්‍ෂාවක්‌ තුළින් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් මෙය සම්පූර්ණයෙන් යථා තත්ත්වය පත්කර ගත හැකියි.

පිරිමි දරුවකුගේ මෙලෙස අසාමාන්‍ය පියයුරු වර්ධනයක්‌ ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීම වැදගත්. ඊට හේතුව තමයි දරුවාගේ වර්ධනයත් සමඟ මේ ත්තත්වයන් වර්ධනය වෙනවා. මුල් අවස්‌ථාවේදීම අදාළ හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් පහසුවෙන් එය සුවපත්කර ගත හැකියි. වයස අවුරුදු 16 - 18 වැනි වියේදී පමණ මේ සඳහා ප්‍රතිකාරවලට යොමුවනවිට ඇතැම්විට ප්ලාස්‌ටික්‌ සැත්කම්වලට පවා ලක්‌කිරීමට සිදුවෙනවා.

 මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
හෝමෝනවල වෙනස්‌කමක්‌ නම් ඒ සඳහා හෝමෝන ප්‍රතිකාර ලබාදීම කළ හැකියි. අධික තරබාරුව නිසා ඇතිවූ මේද පටක තැන්පත් වීමක්‌ නම් ආහාර පාලනය මගින් මෙය සුවපත් කළ හැකියි.

උපතින්ම ඇතිවූ තත්ත්වයක්‌ නම් ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ මගින් පියයුරු සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකියි.

මෙම ප්‍රතිකාරවලට යොමුවීමේ ඇති අනෙක්‌ වැදගත්කම තමයි මෙම අධික තරබාරුව සහ අසාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය නොකළහොත් මෙම දරුවන්ගේ ලිංගේන්ද්‍රය වර්ධනයේ දුර්වලතා ද හටගන්නවා.

මොකද අධික තරබාරුවට පත්වන පිරිමි දරුවන්ගේ ටෙස්‌ටොස්‌ටරොන් හෝමෝනය නිපදවීම අඩුවී ඊස්‌ට්‍රජන් හෝමෝනය නිපදවීම වැඩිවීමක්‌ බොහෝවිට දක්‌නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය වර්ධනය අඩාලවීම සිදුවිය හැකියි.

එසේම හෝමෝන අසාමාන්‍යතාවයක්‌ නැති දරුවන්ගේ වුව අධික තරබාරුව නිසා ඔවුන්ගේ ඉකිලි ප්‍රදේශය අධික ලෙස මේද පටක තැන්පත් වී තිබීම නිසා ලිංගේන්ද්‍රිය ශරීරය දෙසට ගිලී ගොස්‌ ඇති බවක්‌ දක්‌නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ශරීරයෙන් පිටතට දක්‌නට ලැබෙන ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය අඩුයි.

මේ සියල්ල නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වය පත්කරගත හැකියි.

 මෙය පිරිමි දරුවන්ගේ ලිංගික විපර්යාසයකට බලපා හැකිද?
නැහැ. මෙය ලිංගික විපර්යාසයකට ලක්‌වීමක්‌ නොමෙයි. එය වෙනම රෝග තත්ත්වයක්‌. බොහෝවිට දෙමාපියන් බියවන්නේ අධික තරබාරුව හෝ හෝමෝන අසමතුලිතතාව නිසා ඊස්‌ට්‍රජන් හෝමෝනය වැඩිවීමෙන් පිරිමි දරුවාගේ කටහඬ වෙනස්‌වීම සහ ශරීරය ගැහැනු දරුවකුගේ මෙන් දක්‌නට ලැබීම රෝම කුප වර්ධනය අඩුවීම නිසයි. එහි හෝමෝන සමතුලිත කිරීම තුළින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකියි. එනිසා ප්‍රමාද නොවී වයස අවුරුදු 9 - 10 දීම දරුවාගේ මෙම අසාමාන්‍ය වර්ධනයට ප්‍රතිකාර ලාබ ගැනීමෙන් මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකියි.

එසේ නැත්නම් මෙවැනි දරුවන් සමාජයේදී අන් අයගේ උසුළු විසුළුවලට ලක්‌වෙනවා. එය එම දරුවන්ට මානසික පීඩනයක්‌ බවටත් පත්වනෙවා. 

No comments:

Post a Comment

Post Bottom Ad