පෙට්‍රල් බෝම්බයක් හදන හැටි පියවරෙන් පියවර උගන්නන විස්තරත් තිබිලා සමාජ ජාලා භයානක නිරීක්ෂණ නිසා තහනම ඉවත් කිරීම කල් යන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 11, 2018

පෙට්‍රල් බෝම්බයක් හදන හැටි පියවරෙන් පියවර උගන්නන විස්තරත් තිබිලා සමාජ ජාලා භයානක නිරීක්ෂණ නිසා තහනම ඉවත් කිරීම කල් යන ලකුණු


පෙට්‍රල් බෝම්බයක් හදන හැටි
පියවරෙන් පියවර උගන්නන විස්තරත් තිබිලා

සමාජ ජාලා භයානක නිරීක්ෂණ නිසා
තහනම ඉවත් කිරීම කල් යන ලකුණු


මේ දිනවල රටේ උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය පහව යනතුරු සමාජ ජාලා කිහිපයක් අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොවනු ඇතැයි වාර්තා පළවේ.
ඒ සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වල පවතින භයානක තත්වය මත තවදුරටත් තහනම පවත්වා යන්නට රජයට සිදුව ඇතැයිද පැවසේ.
මෙම තහනම සම්බන්ධයෙන්
ජනපති කාර්යාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍ර දසනායක මහතා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඔහු පවසන්නේ 100 කට වඩා වැඩි හානි කර සමාජ ජාලා පිටු හා කණ්ඩායම් ගැන නිරීක්ෂණ වාර්තාවී ඇති බවත් මේ ගැන සියුම් විශ්ලේෂණයක් කර තීරණ ගන්නා තුරු තහනම දිගටම බලපවත්වනු ඇති බවයි.
මෙම සමාජ ජාලා තහනම මුලින්ම යොදාගත්තේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම හා ජාතිවාදය ඇවිස්සවීම වැනි දේ වැළැක්වීමට වුවත් වැඩිදුර නිරීක්ෂණයේදී ඇතැම් ෆේස් බුක් පිටු හා වට්ස් ඇප් කණ්ඩායම් මගින් ප්‍රචණ්ඩත්වය සෘජුවම භාවිත

කරවීමද නිරීක්ෂණය වී ඇත. එක්තරා පිටුවක හඩපටද සහිතව පෙට්‍රල් බෝම්බ නිර්මාණය කරන අයුරු පියවරින් පියවර විස්තර කර තිබී ඇත්තේ මෙම ගැටුම අතරතුර ගිනි තැබීම් කිරීමට ඒවා යොදවන්නට උදව් සපයමිනි.
මේ වනවිට තහනමට පෙර ක්‍රියාශීලීවූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තාවේ. දැනට අත්අඩංගුවට ගත් අය සිංහල බෞද්ධ පමණක් බවට මේවනවිට ඇතැමුන් චෝදනා කරන නමුත්‘මුස්ලිම් මීඩියා‘ නමැති ලක්ෂ තුනකට වැඩි සාමාජිකයින් සිටින සමූහයේ  කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම පොලිස් ඇස යොමුවී ඇතැයිද දැනගන්නට ලැබේ.
ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත.
දැනට පවතින හදිසි තත්වය දින 14 ක් දක්වා පවත්වා යාමෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් දීර්ඝ කළ හැකි වන අතර සමාජ මාධ්‍ය තහනම මෙම සියලු තත්වයන් සමනය වීම දක්වා ඇතැම්විට පැවතිය හැකි බවටද වාර්තා පළව තිබේ.
පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad