දණගැස්වූ විදුහල්පතිනිය කෑලි කපා මරණ බවට මරණ තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

දණගැස්වූ විදුහල්පතිනිය කෑලි කපා මරණ බවට මරණ තර්ජන


ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණ ගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ
විදුහල්පතිනි ආර්. භවානි මහත්මියට මරණීය තර්ජන  එල්ල වී ඇත, කොළඹදී ඊයේ (18) ගුරු සංගම්
සංවිධානය කළ ප්‍රවත්ති සාකච්ඡාවකදී

ඇය මේ බව හෙළි කළාය.
තමාව කෑලිවලට කපා මරණ බවට තර්ජනාත්මක ලිපියක්ද ලැබුණු බවත් මානව හිමිකම් කොමිසමට නොයන ලෙසටද තමාට එම ලිපිය මගින් තර්ජනය කර තිබූ බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
පසුගිය පළාත් පාලන මැතිවරණයට ආසන්න කාලයේ මෙම ගුරුවරිය දණගැස්සූ බවට ඌව පළාත් මහ ඇමති චාමර වෙත චෝදනා එල්ල විය. ඔහු එය නැතැය කී පසුව විදුහල්පතිනිය ලවා එය අසත්‍යයක් බවට ප්‍රකාශයක්ද කරවාගෙන තිබුණි. නමුත් ඇය පසුව තමා බලපෑමට බොරු ඛී බවත් දණගැසූ කතාව ඇත්ත බවත් කියා සිටි අතර මේ නිසා මහඇමතිවරයාට අපකීර්තියක් ඇතිවූවාසේම අධ්‍යාපන ඇමති ධූරයෙන්ද ඉවත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad