කොට්ඨාසයෙන් පැරැදුණු අපේක්ෂකයන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 16, 2018

කොට්ඨාසයෙන් පැරැදුණු අපේක්ෂකයන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර


පළාත් පාලන මැතිවරණයේදී කොටිඨාසයකට තරග කොට පරාජයට පත්වූ අපේක්ෂකයකුට සමානුපාතික
ලැයිස්තුව යටතේ

මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
 සමානුපාතික ලැයිස්තුවෙන් පත්වීම් කිරිමේ සම්පුර්ණ බලය ඒ ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට හෝ තිබෙන බවද ඒ අනුව අවශ්‍ය නම් පරාජයට පත් වූ අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු
ලෙස පත් කිරීමට ඔහුට බලය තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කෙසේ වෙතත් තරග කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම සඳහන්
නොවන කිසිදු අපේක්ෂකයකුට පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට
නොහැකි බවද එම සභාව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad