ශ්‍රී දේවී ලොවම හඩවා යන්න යයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 25, 2018

ශ්‍රී දේවී ලොවම හඩවා යන්න යයි....


54 වැනි වියෙහි පසුවූ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මිය යනවිට පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති.


ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය.


වර්ෂ 1978 දී බොලිවුඩ් තිරයේ ප්‍රධාන චරිතයක් පණ පෙවීමේ වරම් ලද ඇය වැඩි කලයක් යන්නට පෙර ඉන්දියාවේ ප්‍රමුඛතම චිත්‍රපට නිළිය බවට පත්වූවාය.

දශක පහක පමණ ඇගේ රංගන දිවිය තුළ චිත්‍රපට 150කට අධික ප්‍රමාණයකට ජීවය ලබාදුන් ඇය සාද්මා (1983), නාගිනා (1986), මිස්ටර් ඉන්දියා (1987), චාන්දනී (1989) , චාල්බාස් (1989), ලාඩ්ලා (1994) ආදී බොලිවුඩ් චිත්‍රපටවලින් අතිශය ජනාදරයට පත්වූවාය.

වර්ෂ 1997 දී ජුදායි චිත්‍රපටය තිරගත වීමෙන් පසුව චිත්‍රපට ක්ෂේත්‍රයට විරාමයක් ලබාදුන් ඇය 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමග යළි සිය රංග ප්‍රතිභාව විදහා දක්වන්නට විය.

2013 වසරේදී ඉන්දීය රජය විසින් එරට සිවිල් පුරවැසියෙකුට ලබාදෙන සිව්වැනි ඉහළම ප්‍රණාම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad