ඇඟට..පතට..බඩට..කටට දැනෙන සැලැස්මක් එජාපයෙන්... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

ඇඟට..පතට..බඩට..කටට දැනෙන සැලැස්මක් එජාපයෙන්...


ඉදිරි දින තුනක් ඇතුළත ජනතාවගේ ඇඟට දැනෙන සුභසාධන සැලැස්මක් රට පුරා ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පැවති සාකච්ඡාවකදීයි. 

එම සංවර්ධන යෝජනා නිර්මාණය කර ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම යෝජනාවලිය හරහා නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මුළු ජන සමාජයම ආවරණය වෙන බවත් සඳහන් කළා.

එහිදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වැඩි දුරටත් සඳහන් කළේ "අපි බලාපොරොත්තු වෙනවා මෙම සැළැස්ම හරහා ක්‍රියාත්මක වෙන වැඩසටහන ජනතාවගේ ඇඟට..පතට..බඩට..කටට..හදවතට දැනෙන..ඇස්වලට පෙනෙන..කනට ඇහෙන ජනතා සුභසාධන සැළැස්මක් වෙයි කියලා." යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad