වේග පන්දු යවන්න ෂෙහාන් මදුසංකට අද පරීක්ෂණයක්... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

වේග පන්දු යවන්න ෂෙහාන් මදුසංකට අද පරීක්ෂණයක්...


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුසංක අද (21) දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් කුසලාන පන්දුවාර 20-20 තරගාවලියට ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

බංග්ලාදේශය සමඟ පැවැති දෙවන පන්දුවාර 20-20 තරගයේදී මදුසංක පාදයේ ආබාධයකට ලක්වුණා.

ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙසයි ඔහු කණ්ඩායමට එක්වුණේ.

අද දිනයේ සිදුකරන වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ෂෙහාන් නිදහස් කුසලාන පන්දුවාර 20-20 තරගාවලියට ක්‍රීඩා කරන්නේද යන්න නිවේදනය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව තරගවදින නිදහස් කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය ලබන මස 06 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad