කෙට්ටු කෙල්ලෙක් කියලා හිතලා දුරකථනයෙන් මල් කැඩූ අවිසාවෙල්ලේ අංකල්ට වෙච්චි දේ මෙන්න.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

කෙට්ටු කෙල්ලෙක් කියලා හිතලා දුරකථනයෙන් මල් කැඩූ අවිසාවෙල්ලේ අංකල්ට වෙච්චි දේ මෙන්න....


පත්තරේ යන මංගල දැන්වීම්වල තියෙන සමහර දේවල් දැක්කම හිනා යන අවස්ථා ඕනි තරම් තියෙනවා
ඔය අතරේ බොරු කියලා මිනිස්සු රවට්ටලා සල්ලි කඩාගන්න හදන අයත් නැතිවම නෙවෙයි
මේ ගැන දන්නේ නැතිවද මන්දා තමන්ගේ බිරිඳ නැතිවුණාම දැණුනු පාළුව මකාගන්න කෙට්ටු කාන්තාවක් අවශ්යයි බව කියලා පුවත්පතක මංගල දැන්වීමක් දාපු කෙනෙකුට හිතුවේ නැති කරදරේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා
අන්තිමට මෙයාට ලක්ෂ 3ක විතර ගෙදර බඩුත් නැතිවෙලා තියෙනවා.ආරංචි වුණු හැටියට සිද්ධිය මෙහෙමයි
අවිස්සාවේල්ල මා‍දොළ පැත්තේ පදිංචි 67 හැවිරිදි විශ්රාමික බැංකු කළමනාකාරවරයක් තමාට කෙට්ටු ශරීරයක් ඇති කාන්තාවක් අවශ්ය බව පවසලා මීට වසර දෙකකට පමණ පෙර පුවත්පතක පළ කළ මංගල දැන්වීමකට මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ 54 හැවිරිදි කාන්තාවක් දුරකතනයෙන් කතා කරලා තියෙනවා
ඔහුට අවශ්ය ආකාරයේ තමන්ගේ යෙහෙළියක් මෙහෙණින් වහන්සේ නමක් යටතේ ආවතේව කරගෙන සේවය කරන බවත් ඇයව හඳුන්වා දිය හැකි බවත් පවසා තමන්ගේ යෙහෙළිය ලෙසද මෙකී කාන්තාවම දුරකතනයෙන් කතා කර තිබෙනවා
වසර දෙකක පමණ සිට දෙබිඩි චරිතයක් රඟපාන මෙම කටහඬවල් දෙකම එකක් බව මෙම පුද්ගලයාට තේරිලා ඇයගෙන් ඒ ගැන විමසුවද ඇය විවිධ දේවල් පවසමින් එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා
මෙම වසර මුලදී ඇය පවසා ඇත්තේ ඇයට ඔහු දැක්මට අවශ්ය බවයි
ඒ සඳහා ඔහුගේ ඇති කැමැත්ත මත මොනරාගල සිට බසයකින් රාත්රී 11.30ට පමණ ඇය ඇවිත් තියෙනවා.එහිදී ඔහුට තරු පෙනී ඇත්තේ ඔහු බලාපොරොත්තු වූ කෙසඟ සිරුර වෙනුවට තරබාරු ශරීරයක් ඇති කාන්තාවක් පැමිණ ඇති බව දැකීමෙනි
කරකියා ගැනීමට දෙයක් නොමැති වූ ඔහු ඇයව තම නිවෙසට රැගෙන ගොස් නිවසේ වැඩපළ කටයුතු බලාගෙන සිටින්නැයි අවසානයේ පවසා තිබෙනවා
ඇය තම නිවෙසට පැමිණ සතියකට පමණ පසු සිරුරට රැවටුණු පුද්ගලයාට පවුද්ගලික අවශ්‍යතාවකට කුරුණෑගල ප්රදේශයට යෑමට සිද්ධවෙලා තියෙනවා
එදිනම රාත්රියේ ඔහුගේ අසල්වැසියන් දැක ඇත්තේ එම නිවෙසට ත්රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙක් හා තරුණියක් මෙම කාන්තාව සමඟ එක්ව දඩිබිඩියේ නිවසේ ඇති බඩු භාණ්ඩ එම ත්රීරෝද රථයට පටවන අයුරුයි
අසල්වැසියන් මේ ගැන නිවසේ හිමිකරුට දුරකතනයෙන් පවසා ත්රීරෝද රථයේ අංකයද සටහන් කොටගෙන තිබෙනවා
තම නිවෙසට පැමිණි ඔහුට නිවසේ තිබූ ලක්ෂ 3ක පමණ භාණ්ඩ අතුරුදන් වී ඇති බව දැක ඒ සම්බන්ධව අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා
එම සිද්ධියෙන් පස්සේ කාන්තාවගේ ජංගම දුරකතනයද නිහඬ වී ඇති අතර පොලිස් නිලධාරීන් බඩල්කුඹුර ප්රදේශයට ගිය පසු ත්‍රිරෝද රථයේ හිමිකරු පොලිසියට පවසා ඇත්තේ ත්රීරෝද රථය තමාගේ බවත් එය තවත් පුද්ගලයකුට කුලී පදනම මත දී ඇති බවත්ය
එම පුද්ගලයා සමඟ ත්රීරෝද රථය ඇති නිවෙසට ගිය පොලිසියට එම ත්රීරෝද රථය බඩු භාණ්ඩ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත
සැකකාරිය දියණියන් දෙදෙනකුගේ මවක වන අතර මෙම සොරකමට ඇයගේ 22 හැවිරිදි දියණිය හා ස්වාමිපුරුෂයා පැමිණ ඇති බවට අනාවරණය වී ඇත

No comments:

Post a Comment

Post Bottom Ad